උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය කළ දිනය ලෙස සැලකෙන අද

(මැයි 18) මිය ගිය අය සිහිපත් කිරීමේ උත්සවයක් කොළඹ, ගාලු මුවදොර පිටියේ ක්‍රියාත්මක 'ගෝඨා ගෝ ගම' දී පැවැත් වුණි.

සර්ව ආගමික පුජකතුමන්ලාගේ මුලිකත්වයෙන් එය සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය.

මුලතිව්, මුල්ලිවයික්කාල් ප්‍රදේශය මුල් කරගෙන මීට පෙර මෙම සැමරුම සිදු කෙරුණි.

ඒ අවස්ථාවන්හි දී ආරක්ෂක අංශවලින් ඊට බාධා සිදු වුව ද අද දිනයේ බාධාවකින් තොරව යුද්දයේදී මියගිය අය සමරන්නට හැකි වූ බව ඊට සහභාගී වුවෝ පැවසූහ.
 

 

{gallery}GOHOMEGOTA - MAY 18{/gallery}

 


යුද්ධයේ අඳුරු මතකය සිහි කරන 'මුල්ලිවයික්කාල් කැඳ' දන්සැල


යුද්ධයෙන් මියගිය අය සිහිපත් කරමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල අද දිනයේත් කැඳ ලබාදීම සිදු කෙරේ.

සිවිල් සංවිධාන ජනතාව සමග එක්ව මැයි 12 සිට ලබා දෙන එම කැඳ නම් කර තිබෙන්නේ 'මුල්ලිවයික්කාල් කැඳ' ලෙසයි.

යුද්ධයේ අවසන් දිනවල සිවිල් ක්‍රියාකාරිකයන් ලබා දුන් කැඳ පානය කිරීමෙන් තමන් ජීවිත රැකගත් නිසා එය සිහිපත් කරමින් මෙලෙස කැඳ ලබා දෙන බව ජනතාව පවසති.

 

 

අරගල භූමියෙන් අසුන මංගලගේ 'අහන්න' ගීතය

ඒ අතර අද දිනය සිහිපත් කරමින් අරගල භුමියේ විවිධ කලා සංස්කෘතික වැඩසටහන කිහිපයක්ම දියත්කර තිබු අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර ජාතික සංහිඳියාව වෙනුවෙන් සමාජගත කරනු ලැබූ 'අහන්න' ගීතයද අරගල භුමියේ ප්‍රදර්ශනය කෙරින.

 

 




සබැඳි පුවත් :
 

 

Leader Whats app

  

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්