ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් නව රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන්නේ පක්ෂ තීන්දුවට පටහැනි ලෙස යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (20)
පාර්ලිමේන්තුවේදී පැවසීය.
''මම අද දැක්කා උදේ නව කැබිනට් මණ්ඩලයේ තවත් ඇමැතිවරු දිවුරුම් දෙනවා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුත් දිවුරුම් දුන්නා. මම පැහැදිලිවම කියන්න ඕනේ, ඒක නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය වෙලා තිබුනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා තිබුණේ ඇමති ධුර බාර නොගෙන රට වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත්, පිටතදීත් අවශ්‍ය සහයෝගය රජයට ලබාදීමට.යි.'' මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙය සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
''අගමැතිතුමා කරන ප්‍රකාශ සමහර වෙලාවට පොදුජන පෙරමුණේ ඇමැතිවරු මන්ත්‍රීවරු වෙනස් විදියකට ප්‍රකාශ කරනවා. මෙයින් පෙනී යනවා අගමැතිතුමා අතරත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අතරත් යම් යම් ගැටලු තිබෙන බව. ඉතින් මේ තත්ත්වයන් තුළ රට අවාසනාවන්ත තත්වයකට පත් වෙලා තියෙන්නෙ"
''වගා සංග්‍රාමයක් කරමු කිව්වට ගොවියන්ට පොහොර සහ ඩීසල් නැ'' - මෛත්‍රීපාල සිරිසේන
ඔහු තවදුරටත් මෙසේද පැවසිය.
''පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් තවමත් මට කියන දෙයක් තමයි රජය පොහොර තියෙනවයි තියෙනවයි කියනවා. නමුත් අපට හම්බවෙච්ච පොහොරක් තාම නෑ. ඉතින් මම කෘෂිකර්ම අමාත්‍යංශයට කියනවා එමෙන්ම රජයේ අනෙකුත් බලධාරීන්ටත් කියනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇවිල්ලා බලන්න පොහොර තියෙනවද,වල් නාශක තියෙනවා කියලා බලන්න කියලා.
ඒ වගේම ගොවිතැන් කරන ජනතාවට ඉන්ධනත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඒ කටයුතු කරගෙන යන්න. ඔවුන්ගේ ඒ යන්ත්‍ර වලට අවශ්‍ය ඉන්ධන නැ. ඉතින් මේක තමා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තත්වය. ඒ වගේම තමා රටේ තත්වයත්. මම දැක්කා ඊයේ මාධ්‍ය වලත් දරුවන් සමග දෙමාපියන් ඉන්නවා ඉන්ධන පෝලිම් වල, හෙට අනිද්දා සාමාන්‍ය පෙළ ලියන දරුවන් තම දෙමව්පියන් සමඟ ඉන්ධන පෝලිම් වල ඉන්නවා. ඒ නිසා අද රටම හඬන වෙලාවක් මේක.
හිටපු ජනාධිපතිවරයා නව රජයේ ගැටලු කිහිපයක් පිළිබදවද මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.
"අපි සාකච්ඡා කරලා තිබුනේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න, නමුත් මේ රජය සර්ව සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. අපි එහිදී යෝජනා කරල තිබුනා කරුණු ගණනාවක්, නමුත් මෙම යෝජනා අනුව නෙමේ මේ රජය කටයුතු කරන්නේ, ඉතින් අපිට පේනවා මේක සර්ව පාක්ෂිකවත් අන්තර්කාලීන ආණ්ඩුවක් වත් නෙමෙයි තිබුණු පරණ රජය විදියටම තමයි හැදෙන්නේ ... ..''
කෙසේ වුවත් ජනතාව දැන් බඩගින්නේ දුක් දුක්විඳිමින් සිටින අතර රට ගොඩ ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ කාර්යක්ශම කිරීම අවශ්‍ය වී ඇති හෙයින් රට වෙනුවෙන් අවශ්‍ය සහාය දෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.