leader s

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරය) 'රණකාමී කණ්ඩායමක්' බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.


 “ඔවුන් අවුරුද්දකට විරෝධතා පහක් හයක් කරනවා. ඔවුන්‌ට ඕනෑ ජල ප්‍රහාර කන්න” යැයි ද අගමැතිවරයා කියා සිටියි.

''ඒ හැර තව විරෝධතා තියෙනවා. ඒවා පොඩි පොඩි ඒවා''

අග්‍රාමාත්‍යවරයා එබව කියා සිටියේ, බ්‍රිතාන්‍යයේ මුල්පෙල රූපවාහිනි නාලිකාවක් වන 'ස්කයි නිව්ස්' (Sky News) සමග මැයි 19 දා සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.


WhatsApp Image 2022 05 21 at 7.42.16 AM



ශ්‍රී ලංකාවේ වාර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට පසුගිය පරිපාලනය වගකිව යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ඒ මෙම සාකච්ඡාවෙහිදී 'ස්කයි නිව්ස්' ප්‍රශ්ණ විචාරකයා ඇසූ ප්‍රශ්ණයකට ප්‍රතිචාර දක්වමිනි.  

අද මෙරට මුහුණ දී තිබෙන අර්බූදයට හේතුව රාජපක්ෂ පාලනය බවත්, ඔවුන් රට විනාශ මුඛයට හෙලූ බවත් රට බංකොළොත් කළ බවත් අග්‍රාමාත්‍යවරයා කීවේය.

එවිට ප්‍රශ්ණ විචාරකයා මෙවැනි ප්‍රශ්ණයක් ඇසුවේය.

“ඔබ කියනවා අර්බූදයට මෙම (රාජපක්ෂ) ආණ්ඩුව වගකිව යුතු බව. ඔවුන්ගේ පවුල දශක දෙකක් රට පාලනය කරා.  මෙම තත්වය ඇති කළ ඔවුන්ට ඇති තරම් දඩුවම් ලැබී නැහැ නේද? දැන් අගමැති අස්වෙලා. ඉතිං මෙම අර්බූදය ඇති කළ ජනාධිපති ඉවත් විය යුතු නැත්ද?”

අග්‍රාමාත්‍යවරයා ඊට ප්‍රතිචාර දැක්වුයේ මෙසේය.


“ ඒ ගැන තියෙන්නේ විවාදයක්. තරුණ විරෝධතාකරුවන් කියනවා ජනපති ගෙදර යා යුතුයි කියා. නමුත් නීතිඥ සංගමය එහෙම කියන්නේ නැහැ. ඔවුන්  කියන්නේ ජනාධිපති බලතල අඩුකළ යුතුයි කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා”




අග්‍රාමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසිය.

 “ 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින්, අගමැතිගේ බලතල ශක්තිමත් කරමින් මුල් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට යථා තත්වයට පත් කළ යුතු යැයි මම යෝජනා කරනවා..''

“ඉන් පසු, සියලු පක්‍ෂ නායකයින් සහ‍ ජනාධිපතිතුමා සාකච්ඡා කරල අනාගතය ගැන යම් වැඩපිළිවෙළකට එන්න ඕන.”



''නිලධාරීන් ආණ්ඩුවට ඇත්ත කිව්වේ නැහැ''



මෙයට දින හතරකට පෙර බීබීසීයට කී පරිදි ‘සියලු වියදම් වාර්තා විකෘති කර” (Books are cooked) ඇත්නම් ඒ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලට විරුද්ධව දඬුවම් පියවර ගන්නේ දැයි 'ස්කයි නිව්ස්' මාධ්‍යවේදියා විමසු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා, ඒම ගණන් හිලවු විකෘති කිරීමේ චෝදනාව නිලධාරීන් පිට පටවනු  ලැබිය.

රටෙහි පැවති ඇත්ත තත්වය ගැන නිලධාරීන් ආණ්ඩුවට කරුණූ නොකී බවට ඔහු චෝදනා කළේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරය ගැන සඳහන් කරමින් ප්‍රශ්න විචාරකයා මෙම තත්වය යටතේ සංචාරකයින් රටට එනු ඇත්දැයි විමසා සිටි අවස්ථාවේදී අගමැතිවරයා පිළිතුරු දෙන්නේ විහිළුවකිනි.

ඔහු මෙසේ කියයි.


'' සංචාරකයින්ට එන්න පුළුවන් කැමැති නම්. ඒ විතරක් නොවෙයි ජනාධිපතිට ගෙදර යන්න කියා,  අගමැතිට ගෙදර යන්න කියා බෝඩ් උස්සා ගෙන ඉන්නත් පුළුවන්''


ප්‍රශ්න විචාරකයාට එම ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගැනීම පිණිස “ මේ ප්‍රශ්නය ඇත්තටම අහපු එකක්” යැයි කියයි. මෙම තත්වය යටතේ සංචාරකයින් ර‌ටට නොඑනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ඒ අවස්ථවේදී කියා සිටියි.


“ණය ගෙවීම පැහැර හැරීමට සිදුවීම ගැන ලැජ්ජා වෙනවා”


කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළඹෙන අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට ණය ගෙවීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බව ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

(උපුටා ගැනීම් - srilankabrief.org)

 

Leader Whats app

  

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්