මේවනවිට විටින්විට සිදුකරනු ලබන කැබිනට් මණ්ඩල පත්කිරීම් වලදී මෙතෙක් කැබිනට් තනතුරු සඳහා ආරාධනයක් නොලැබීම සම්බන්ධයෙන් පසුගිය කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ආචාර්ය

නාලක ගොඩහේවා, දිලුම් අමුණුගම සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඉකුත් කැබිනට් මණ්ඩලයේ නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත්, දිලුම් අමුණුගම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වරාය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළහ.

නමුත් ඊයේ (23) පැවැති ඇමැතිවරුන් දිව්රුම් දීමේ අවස්ථාවේදීද මෙම හිටපු කැබිනට් ඇමැතිවරුන් හට තනතුරු ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොතිබිණ.

පසුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් වැඩිම මනාප ලැබූ 'වියත්මග' සංවිධානයේ කැඳවුම්කරු  ආචාර්ය නාලක ගොඩහේවා (3,25,479) වෙනුවට මෙවර කැබිනට් මණ්ඩලයට පත්කර ඇත්තේ එම මැතිවරණයේදී මනාප 69800 ලබාගත් නලින් ප්‍රනාන්දු ය. එම මැතිවරණයේදී මනාප 316544 ක් ලබාගත් ප්‍රසන්න රණතුංග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.


තවත් කැබිනට් අමාත්‍යවරු 8 ක් දිවුරුම් දෙති



සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්හ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී මහින්ද අමරවීර ද කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නේය.

ඒ අනුව මේ වන විට අගමැතිවරයා හා ජනපතිවරයා හැර අමාත්‍යවරුන් 19 දෙනෙකු දිවුරුම් දී ඇත.



ඊයේ දුවුරුම් දුන් අමාත්‍යවරුන්:



ඩග්ලස් දේවානන්දා - ධීවර අමාත්‍ය
බන්දුල ගුණවර්ධන - ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
කෙහෙළිය රඹුක්වැල්ල - ජල සම්පාදන අමාත්‍ය (දැනට දරන සෞඛ්‍ය අමාත්‍ය තනතුරට අමතරව)
මහින්ද අමරවීර - කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
රමේෂ් පතිරණ - කර්මාන්ත අමාත්‍ය (දැනට දරන වැවිලි කර්මාන්ත අමාත්‍ය තනතුරට අමතරව)
විදුර වික්‍රමනායක - බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
අහමඩ් නසීර් - පරිසර අමාත්‍ය
රොෂාන් රණසිංහ - වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය


මෙයට පෙර කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මැයි 20 දා දිවුරුම් දුන්හ. ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද අයත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල, සමගි ජනබලවේගය පක්ෂයෙන් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ද කැබිනට් මණ්ඩලයට එක්විය. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ටිරාන් අලස් සහ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ ද කැබිනට් මණ්ඩලයට එක්ව සිටිති.



මැයි 20 දා දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.



නිමල් සිරිපාල - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
සුසිල් ප්‍රේමජයන්ත් - අධ්‍යාපන අමාත්‍ය
කෙහෙලිය රඹුක්වැල්ල - සෞඛ්‍ය
විජයදාස රාජපක්ෂ - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු - සංචාරක හා ඉඩම් අමාත්‍ය
රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
මනූෂ නානායක්කාර - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
නලීන් ප්‍රනාන්දු - වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය




මැයි 14 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා අමාත්‍යවරුන් 04දෙනෙකු පත් කරන ලදී.

ඒ මහාචාර්ය ජී.එල්. පීරිස් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්, දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙසත් කංචන විජේසේකර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ජනාධිපති ඉදිරියේ එසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන්ය.

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්