leader s

ශ්‍රී ලංකාව විසින් ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ජා සිදුකිරීම සඳහා ලොව සුප්‍රසිද්ධ මුල්‍ය සහ නීති උපදේශන සමාගම් වන Lazard සහ Clifford Chance සේවය ලබා

ගැනීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෑත වසරවල අර්බුදකාරී ආර්ථික කඩා වැටීම වලට මුහුණ දුන් ලොව රටවල් රැසක සඳහා ණය සාකච්ඡා හසුරුවා ඇති Lazard සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුනොකළ බවත් නීති සමාගමක් වන ක්ලිෆර්ඩ් චාන්ස් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවත් රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.

1948 වසරින් පසුව මුහුණ දෙන බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව ඉකුත් සතියේ පළමු වරට ණය වාරික ගෙවීම් පැහැර හැරීමක් සිදුකරනු ලැබිය.

ඩොලර් බිලියන 12 කට අධික විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය බැවින් විශේෂඥ සහය සහ ඊට අදාළ මැදිහත් පාර්ශ්වකරුවන් පත් කිරිමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ.

(nethnews.lk)

 

Leader Whats app

  

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්