leader s

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන සඳුඳා දිනයේදී ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට නියමිත බව දැනගන්නට ඇත.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ධුරයෙන් ඉවත්කරන ලෙසට ජනාධිපතිවරයාට කරනලද දැඩි බලපෑම හමුවේ මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

පසුගිය 09 වෙනිදා රාත්‍රීයේ කලහකාරී පිරිස් අරලියගහ මන්දිරයට පහරදීමට පැමිණි අවස්ථාවේදී, යුධ හමුදාපතිවරයා විසින් නිසි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු නොකළ බවට හිටපු අගමැතිවරයා ජනාධිපතිවරයාට චෝදනා කර තිබිණ.

එදින රාත්‍රී ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම  වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් ගේ චෝදනාවට ද ලක්වුයේ යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයාය.

පසුගිය කාලයේදී රට පුරා සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා හමුවේ යුධ හමුදාපතිවරයා ඇතුලු හමුදා සාමාජිකයින් අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවට ආණ්ඩුපක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා හමුවේ ඇතැම් මැති ඇමතිවරුන් චෝදනා කර තිබිණ.


මහින්ද ආපහු එනවා...



මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය බී හේරත් පවසන්නේ, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යළි පැමිණෙනු ඇති බවයි.

ඔහුගේ ඉවත්වීම සදාකාලික එකක් නොවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ සඳහන් කළේ කොළඹ නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
 


Leader Whats app

  

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්