ධන කුවේරයන්, ඒකාධිකාර සමාගම් හට රුපියල් කෝටි ගණන් බදු ගෙවීම පැහැර හැරීමට ඉඩකඩ පාදා දෙමින්, බදු සහන දෙමින් තම ගජ මිතුරන් ආරක්ෂා කරන ආණ්ඩුව, ජනතාවගේ එදිනෙදා ආහාර, ඖෂධ වෙනුවෙන්

තව තවත් බදු පටවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ එබව කියා සිටියේ, නුගේගොඩ සිය පක්ෂ කාර්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඉදිරියේදී අධ්‍යාපනය හා සෞඛ්‍ය වියදම් හැරුණුවිට සියලු බදු බර ජනතාවට දරන්නට සිදුවනු ඇති බවත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට පවා මුදල් මුද්‍රණය කළ යුතුව ඇති බවත් ඉකුත් දා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබිණ.

මේ පිළිබඳ අදහස් දැක්වූ පුබුදු ජයගොඩ පැවසුයේ, මුදල් නොමැති බව පවසන ආණ්ඩුව ජනතාව මත සියලු බර පැටවූවත්, ධන කුවේරයන්ට බදු සහන ලබා දෙමින් තිබෙන බවයි.



ධන කුවේරයන් හා ඒකාධිකාර සමාගම් විසින් බදු ගෙවීම පැහැර හැරීමත්, රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය නොගෙවා අක්‍රිය ණය ලෙස අත හැරීමත් සම්බන්ධයෙන්ද, මැයි 9 රාත්‍රී ගිනි තැබීමට ලක්වූ දේශපාලකයන්ගේ නිවෙස් වලට වන්දි ගෙවීම වෙනුවෙන් හදිසි ඇස්තමේන්තු කැඳවීම සම්බන්ධයෙන්ද මෙම මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ කරුණු රැසක් අනාවරණය කළේය.


රටේ සමස්ත බදු ආදායමෙන් 85% පමණ භාණ්ඩ හා සේවා බදු ලෙස ජනතාවගෙන් ලබා ගන්නා බවත්, ඒවා කිසිම විටෙක ජනතාවට ගෙවීම් පැහැර හැරීමට නොහැකි බදු බවත් ඔහු කියා සිටියේය.

රටේ ධන කුවේරයන්, සිටුවරුන්, ඒකාධිකාර සමාගම් සියල්ල රජයට ලබා දෙන්නේ ඉතිරි 15% පමණ බදු ආදායම පමණක් බව පුබුදු ජයගොඩ මෙහිදී පැවසිය.

එහෙත් එකී බදු මුදල් ද ආණ්ඩුව නිසි ලෙස එකතු කර නොගන්නා බව පවසන ඔහු උදාහරණ ලෙස පෙන්වා දෙන්නේ, රජයේ විගණනයට අනුව 2015 වසරේ සිට 2019 වසර දක්වා වසර 5 තුළ පමණක් රුපියල් කෝටි 41415 මුදලක් සමාගම් විසින් ගෙවීම් පැහැර හරිනු ලැබ ඇති අතර, 2020 වසරේ දී රුපියල් කෝටි 10500ක් ගෙවීම් පැහැර හැර ඇති බවයි.

මෙය කෝප් කමිටුව විසින් අනාවරණය කරගනු ලැබ ඇති තොරතුරු බව ද හෙතෙම අවධාරණය කළේය.

ඒ අනුව ඉකුත් වසර 6 තුළ පමණක් බදු ගෙවීම් පැහැර හැරීම නිසා රටට අහිමිව ඇති මුදල රුපියල් කෝටි 51,915කි.



ධන කුවේර ධම්මික පෙරේරාගේ සොහොයුරා වන කුලප්පු ආරච්චිගේ දොන් අනුරාධ පෙරේරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ”බේලීස් කැසිනෝ” සමාගම පමණක් බදු  නොගෙවා රටට අහිමි කර ඇති මුදල රුපියල් කෝටි 575ක් බව පුබුදු ජයගොඩ පෙන්වා දෙයි. එසේ තිබිය දී රුපියල් බිලියනයක් රටට ගෙනැවිත් සහන දීම ගැන ඔහු කතා කරමින් සිටින බවත්, ඇතැමුන් මේ කිසිත් නොදැන ඔහු ජනාධිපති කිරීමට පවා යෝජනා කිරීම හාස්‍යයට කරුණක් බවත් ජයගොඩ පැවසිය.



තව දුරටත් අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මෙසේද සඳහන් කළේය.

”මේ තියෙන්නේ තවත් එකක්. ඒකත් කැසිනෝ. හේවාවසම්ගේ රවීන්ද්‍රනාත් ශ්‍රී ලාල් විජේරත්න. වීජේරත්නට අයිති මරීනා කලම්බෝ රෑන්ක් එන්ටර්ටේට්මන්ට් හෝල්ඩිං සමාගම ගෙවීම් පැහැර හැර ඇති බදු මුදල රුපියල් කෝටි 76ක්. ඔහුගේම තවත් කැසිනෝ සමාගමක් වන ස්ටාර්ඩස්ට් කැසිනෝ සමාගමත් කෝටි 76ක් බදු ගෙවීම පැහැර හැරලා තියෙනවා.”  



”ඊට අමතරව රුපියල් බිලියන 600ක් අහිමි වුණා 2020 වසර මුල දි වැට් බද්ද අහෝසි කිරීමෙන්. සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1676ක පාඩුවක් වෙලා තියෙනවා විගනකාධිපති වාර්තාව පවසන විදිහට.”



මෙම බදු වංචාකර ඇති පුද්ගලයන් අධිකරණය හමුවට කැඳවා ඔවුන්ගේ දේපළ රාජසන්තක කර හෝ අයවිය යුතු මුදල් අත්පත් කරගත යුතු බව පුබුදු ජයගොඩ වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඊට අමතරව, ඉකුත් මැයි 9 රාත්‍රී ගිනි තැබීමට ලක්වූ දේශපාලකයන්ගේ නිවෙස්වලට වන්දි ගෙවීම වෙනුවෙන් හදිසි ඇස්තමේන්තු කැඳවීමක් සිදුකර ඇති බව ද ඔහු සඳහන් කළේය.


(උපුටා ගැනීම් -janabalaya.lk)


පසුගිය වසර පහ තුළ වැඩිම අක්‍රිය ණය ලැයිස්තුව

පසුගිය වසර පහ තුළ වැඩිම අක්‍රිය ණය ලැයිස්තුව 

WhatsApp Image 2022 05 27 at 7.42.52 AM

 

 

Leader Whats app

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්