leader s

සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට

ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (27) පස්වරුවේ දැනුම් දී තිබේ.

රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දුන් බවත් ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව, ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිරෝෂන් ප්‍රේමරත්න සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (27) පස්වරුවේ බාරදී ඇති බව වාර්තා විය.

කෙසේවුවද සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ශ්‍රී ලංකා රුපවාහිනියේ සභාපති, සොනාල ගුණවර්ධන අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවී තමාව සභාපති ධුරයෙන් ඉවත් නොකරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 


Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්