leader s

සමගි ජනබලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කිරීමට

සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතර, රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සදහා ආණ්ඩුව කුමන්ත්‍රණ කරන බවත් කීය.

විපක්ෂ නායකවරයා, මේ බව පැවසුවේ සමගි ජනබලවේගයේ ගම්පහ, ගාල්ල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග පැවැති අද (29) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැති වැඩසටහනකදී ය.

විධායකය අහෝසි කරන පළමු පියවර සදහා කටයුතු කළයුතු අවස්ථාවක සමහර අවස්ථාවාදීන් රාජපක්ෂලා රකින්නට කටයුතු කරන බව කී විපක්ෂ නායකවරයා, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ගෙන ආ අංග සම්පූර්ණ 21වන සංශෝධනයට එරෙහි කුමන්ත්‍රණ සහ දියාරු කිරීම් වහාම ආපසු හැරවිය යුතුයැයිද කීය.

රටේ අරමුණ සහ ඉල්ලීම රාජපක්ෂලා ගෙදර යැවීම බව කී විපක්ෂ නායකවරයා ලුම්පත් කල්ලියක අරමුණ වන්නේ රාජපක්ෂලා ආරක්ෂා කිරීම බවද පැවසීය.

 

 

 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්