ලෝකය පිළිගන්නා ආණ්ඩුවක් හදන තෙක් මෙතනින් එහාට කිසිම ආධාරයක් ලංකාවට නොලැබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය

හර්ෂ ද සිල්වා පවසයි.

'' ජපානයත් බෑ කිව්වා.. ඉදිරි දින 90 අතිභයානකයි..'' යයි ද ඔහු කියා සිටියි.

'හෙඩ් ලයින්' නිවුස් එක්ස්ලූසිව් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා එම කාරණය අවධාරණය කළේය.

''දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! '' ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව පැහැදිලි කරමින් හර්ෂ සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩ නගා ඒ බව ජාත්‍යන්තරයට ප්‍රකාශ කරන තෙක් තවත් කිසිදු මූල්‍ය ආධාරයක් ලංකාවට නොලැබෙන බව ඔහු අවධාරණය කරයි.

මේ වන විට රටේ ආර්ථිකය ගොඩ දැමීම භාරගෙන ඇති විවිධ පාර්ශ්වයන් ඉතා ඈත අනාගතයක් පිළිබදව කතා කරන නමුත්, සැබෑ අභියෝගය වන්නේ ඉදිරි දින 90 තුළ රටට අවශ්‍ය ඉන්ධන – ගෑස් සහ ඖෂධ ලබා ගැනීම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීම බව මන්ත්‍රීවරයා පවසයි.

හිගන්නන්ට දෙන තරමටවත් කිසිවෙකු අපට මුදල් නොදෙන බව පවසන මන්ත්‍රීවරයා, මෙතනින් එහාට තවත් මුදල් ලැබෙන මාර්ගයක් නැති බවත්, ජපානය මුදල් නොදෙන බව සෘජුවම ප්‍රකාශ කර ඇති බවත් කියා සිටියි. 

{gallery}radicalcenter2022531{/gallery}
 
 
 

Leader Whats app

 


 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්