රට බංකොළොත් වෙලා යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) 2020 මාර්තු මස දැනුම්දීමෙන් පසුව ඒ සඳහා පියවර නොගත් හිටපු ජනාධිපති ලේකම් පී. බී.

ජයසුන්දර අනිවාර්යෙන් දඬුකදේ ගැසිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසීය.

ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (31) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ය.

ජනාධිපතිවරයා තනිව ගත් තීන්දු කීපයක් නිසා මේ රටට වූ විනාශය සියලු දෙනා දන්නා කරුණක් බව කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා, IMF එකට ගොස් අවශ්‍ය වැඩපිළිවෙල හදන ලෙස IMF 2020 මාර්තු මස උපදෙස් දී ඇති බව ‘කෝප්’ කමිටුවේදී හෙළිවූ බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, මහ බැංකු අධිපති, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ක්‍රියාකළ ආකාරය නිසා රට වැටුණු බවත් මෙවැනි තත්වයක් තුළ රාජ්‍ය අමාත්‍යවරු 40 ක් පත්කිරීමට සූදානම් වන බවත් මන්ත්‍රීවරයා කීය.


''21 පරද්දන්න ඇතුළෙන් ම කුමන්ත්‍රණයක්''

 
විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය පරාජයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩු පාර්ශ්වය තුළින් ම ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

එම සංශෝධනයට විරුද්ධව ආණ්ඩු පාර්ශ්වය කඳවුරු බඳිමින් සිටින බවට හෙතෙම චෝදනා කළේ ය.

PHOTO 2022 06 01 10 05 15විසි එක් වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසන අවස්ථාවේදී එයට විරුද්ධව ඡන්දය භාවිත කරන අය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද හෙතෙම පැවසීය.

එසේ ඡන්දය නොදී එය කඩාකප්පල් කොට විසි එක් වැනි සංශෝධනය පරාජය කර නැවත විසිවන සංශෝධනය බලාත්මක කරමින් ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට සූදානම් වන බවට ඔහු චෝදනා කළේ ය.

මේ ඔස්සේ විදේශ රටවල සිටින පුද්ගලයන්ට ලංකාවේ ප්‍රධාන තනතුරුවලට පත් වීමට හැකි ක්‍රමයක් සකස් කරනවා නම් එයට විරුද්ධව රටේ ජනතාවට නැඟී සිටින්න යැයි ඉල්ලීම කරන බව ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

එය කිසි විටෙක තර්ජනාත්මක කාරණයක් නොවන බව ද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළට සහාය දීම මේ රටේ සියලු ජනතාවගේ වගකීමක් බව ද හෙතෙම තවදුරටත් පැවසීය.







 
{gallery}radicalcenter2022531{/gallery}

 
 

Leader Whats app

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්