leader s

තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය ලෙස නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් පත්‍රයක් නිකුත් කර

තිබේ.

අදාළ අමාත්‍යංශවල කාර්යභාර සහ ආයතන ද එම ගැසට් නිවේදනයේ ඇතුළත් කර ඇත.

ඒ අනුව, තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් මෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 15ක් ඇතුළත් වේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

එමෙන් ම, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශයට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුළත් කර ඇත.

බැසිල් රජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධූරය වෙනුවෙන් පත්වීමට නියමිත ව්‍යාපාරික ධම්මික පෙරේරා වෙනුවෙන් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය නිර්මාණය කර ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසයි.

එසේම, මැයි 09 වෙනිදා සිද්ධියට අදාල විමර්ශන කටයුතු අවසන්වූ වහාම හිටපු අමාත්‍යවරියක වන පවිත්‍රා දේවි වන්නිආරච්චි කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරයේ දිව්රුම් දීමට නියමිතබව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

eog 2022.06.10

 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්