leader s

අපේ අනාගතය සමග සූදු කෙළින්න ලංකාව කැසිනෝ ශාලාවක් නොවේ... ධම්මික ගේ නිවස ඉදිරිපිටට පැමිණ කියති...

 

බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පත්වී එන ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ නිවස ඉදිරිපිටට අද (12) පෙරවරුවේ සාමකාමී විරෝධතාවයක් සිදුවිය.

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට පැරණි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය පිහිටි භූමියේ අභිනවයෙන් ඉදිවුණ ධම්මික පෙරේරාගේ සුවිසල් නිවස අභියස අරගලකරුවෝ සිය විරෝධතාවය පවත්වමින් අවධාරණය කර සිටියේ, රටේ අනාගතය සමග සූදු කෙළින්නට ලංකාව කැසිනෝහලක් නොවන බව යි.

“කැසිනො රජා අපට එපා – කුණු ධම්මික අපට එපා“,

“කැසිනෝ රජා පාර්ලිමේන්තුවේ ද?“

“කුණු ගෙනාපු ධම්මිකයා – රටට කෙළපු පණ්ඩිතයා,“

“ඔබ ඔබේ බදු ගෙවන්න ,“

“ශ්‍රී ලංකාව කැසිනෝ සූදුපලක් නොවේ, අපේ අනාගතය සමග සූදු නොකෙලින්න“ යන අදහස් සහිත විරෝධතා පුවරු සහිතව මෙම  විරෝධතාකරුවො විරෝධතාවයෙහි නිරත වෙමින් සිටියහ.

1 422

විරෝධතාකරුවෝ මෙසේ ද කීහ.

“ ගොඨා ගෝඨා ඔයා ෆේල්  හොරා කාලා රටම ‍ෆේල්“

“ ධම්මිකට අපි බය නෑ – රතුපස්වල අමතක නෑ“

මේ අවස්ථාවේදී ධම්මික පෙරේරා ගේ නිවාස අසල විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබිණ.

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු පිරිස් අනතුරුව සාමකාමීව විසිර ගියහ.


(lankasara.com)



{gallery}radicalcenter2022531{/gallery}
 

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්