වත්මන් ජනාධිපතිවරයා ඉන්දීය රූකඩයක් බවට පත්ව ඇතැයි 'සර්ව පාක්ෂික අරගලකරුවන්' නිවේදනය කරයි.


මාතෘ භුමිය ආරාජික කරමින් ආර්ථිකය බංකොලොත් කළ ගෝඨාභ්‍ය රාජපක්ෂ නම් ආසාර්ථක පාලකයා , ජනබලයක් නොමැතිව, බංකරයක් තුළ හිඳිමින් ඉන්දු - අමෙරිකානු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශයෙන් සනාථ වූ බව සර්ව පාක්ෂික අරගලකරුවන් සඳහන් කරයි.


මේ අසීරු මොහොතේ අප රටට ලබාදෙන ආර්ථිකමය ආධාර උපකාර පිළිබඳව ඉන්දියාවට කෘතඥතාවය පල කරන සර්ව පාක්ෂික අරගලකරුවන්, ඒ මුවාවෙන් ස්වෛරී ස්වාදීන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රාජ්‍ය පාලනය පිලිබඳ තීරණ ගැනීම සඳහා ව්‍යවස්ථාපිතව හා ජාත්‍යන්තර නීතී යටතේ ඇති නිදහසට අභියෝග කිරීමට මෝදි අගමැතිවරයාට කිසිදු අයිතියක් නොමැති බව අවධාරණය කරයි.


විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදු කළ ප්‍රකාශය යම් හෙයකින් අසත්‍ය නම්, කෝප් කමිටුව නොමග යැවීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතු බව පවසන අරගලකරුවන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙරට සම්පත් රාජපක්ෂලාගේ බූදලයක් නොව අප රටේ දුක්විදින මිනිසුන්ගේ සහ අනාගත පරපුරට ද අයක් රටේ උරුමයක් බව ඉන්දු අමෙරිකානු රූකඩ ජනාධිපතිවරයා මතක තබාගත යුතු බවයි.


 ෆර්ඩිට එරෙහිව වරප්‍රසාද යෝජනාවක්


පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළා යයි කියන ඉල්ලීමක් සම්බන්ධයෙන් ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශයක් කර එය ඉල්ලා අස්කර ගත්තේ කිසිවකුගේ හෝ බලපෑමකින් විය යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 



''ලංවිම සභාපති පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැදවන්න'' - කොප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් කියයි
 


 
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය යළි ඉල්ලා අස්කර ගැනීම බරපතල තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.

එහි දේශපාලන මණ්ඩල සභික, කොප් කමිටුවේ හිටපු සභාපතිවරයෙකු ද වන සුනිල් හදුන්නෙත්ති සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ප්‍රශ්න කළයුතු බවයි.

 

සභාපතිට ආතතිය !


මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉන්දියානු අදානි සමාගමට දෙන්න තීරණය කළේ ඉන්දීය අගමැති මෝදි කළ බලපෑම නිසා යයි විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පසුගියදා (ජුනි 10)  කෝප් කමිටුවේදී සිදුකළ ප්‍රකාශය මේවනවිට ඉල්ලා අස්කරගෙන ඇත.

 විදුලි බල මණ්ඩල සභාපතිවරයා කෝප් කමිටුවේදී පැවසුවේ, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ බලපෑමක් අනුව ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘති අදානි සමාගමට ලබාදෙන්නැයි පැවසූ බවයි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය පැය 24 ක් ගතවන්නට පෙර ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු පැවසුවේ, තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අවස්ථාවේ පැවති අධික පීඩනයත්, විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළව කාර්ය බහුලවීම නිසා නිසි ලෙස ආහාර පවා නොගෙන වෙහෙස වීමත් හේතුවෙන් ඇතිව තිබූ මානසික තත්ත්වයත් මත මෙම ප්‍රකාශය තමන් අතින් සිදුවී ඇති බව ඔහු පවසයි.

තමන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ ජනාධිපතිතුමාගෙන් හෝ විෂය භාර අමාත්‍යවරයාගෙන් හෝ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් සිදුවූ බලපෑමක් නිසා නොවන බව ද ලංකා විදුලිබල මණ්ඩල සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මාධ්‍ය වෙත පැවසිය.

 

ලංවිම සභාපතිගේ ප්‍රකාශය ඉන්දියාව කළඹයි


 
 විදුලි බල මණ්ඩළයේ සභාපති සී.සී.එම් ෆර්ඩිනැන්ඩෝ කළ ප්‍රකාශය කළාපීය වශයෙන් දැඩි කැළඹිමක් ඇති කරනා ලකුණු පහළ වෙමින් පවතී.

ලංවිම සභාපතිවරයා ගේ ප්‍රකාශය උපුටා දක්වමින් මාධ්‍යට ප්‍රකාශයක් කර ඇති ඉන්දීය කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාහුල් ගාන්ධි පවසනුයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ගජමිතුරුභාවය දැන් පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවය. මේ සම්බන්ධයෙන් “ද හින්දු” පුවත්පතේ විශේෂ වාර්තාවක් ද පළකර තිබිණ.

Adani project sparks controversy in Sri Lanka yet again



ජනාධිපතිගේ ට්විටර් පණිවිඩය :



කෙසේවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සභාපතිවරයාගේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇත.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීම සදහා අධිකාරීමය බලය භාවිත කලේ යයි සභාපතිවරයා කල ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බව එහි තව දුරටත් දැක්වෙයි.


GR Twitter 11 Jun

 සබැඳි පුවත් :
ජනාධිපතිගෙන් දෝස්මුරයක්! -  ලංවිම සභාපති 'රිවස්"


 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්