ජනතාව තව තවත් ප්‍රකෝප නොකරන ලෙසත්, ජනතා විරෝධය සුළුවෙන් නොතකන ලෙසත් හිටපු කතානායක කරු ජයසුරිය රජයේ බලධාරීන් ගෙන්

ඉල්ලා  සිටියි.

'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය' සභාපති ලෙස ඔහු ඉල්ලීම සිදුකරනු ලැබුවේ අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වන සංශෝධනය බලගැන්වීම තවත් ප්‍රමාද කරමින් ජනතාව රවටන්න එපා යයි ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලකර සිටි හිටපු කතානායක වරයා, ඒ සම්බන්ධයෙන් 'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' දැඩි විරෝධය හා පිළිකුල පළකර සිටියේය.

කරු ජයසූරිය එහිදී මෙසේද පැවසිය.


''අපගේ රාජ්‍ය නායකයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙන බවටත්, මිනිස් අයිතීන් සුරකින බවටත් ජගත් මහලේකම්වරයාටත්, ලෝක ප්‍රජාවටත්, පොරොන්දු වූ ආකාරය නැවතත් සිහි කරන්නට කැමතියි.

එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද 19 වැනි සංශෝධනය නැවත බල ගැන්වීමටත්, විධායක ජනාධිපති පදවිය අහෝසිකිරීමටත්, විරුද්ධත්වයක් නොමැති බවත්, එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම බලයට පැමිණ අවුරුද්දකින් නව ව්‍යවස්ථාව ගෙන ඒමටත්, ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කොන්දේසිය අවුරුද්දකින් ඉවත් කරන බවටත්, ආගමික නායකයන් ඇතුළු සකල ජන වාසීන්ට සහතික වී ඇත.

මේ පොරොන්දු ලබා දුන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසිනුයි. මේ කිසිවක් අද වනතුරු ඉටු කර නැත. නව ව්‍යවස්ථාවක් එළි දැක නැත. එය වචන වලට සීමා වී ඇත.

 

ලෝකයා හමුවේ දුන් එවැනි ප්‍රකාශ එළිපිට උල්ලංඝනය වන විට එවැනි රටක රාජ්‍ය නායකයාගේ පොරොන්දු ලෝකයා විශ්වාස කරයිද? රටවැසියා විශ්වාස කරයිද? ආයෝජකයා විශ්වාස කරයිද? රට සමඟ ගනුදෙනු කරන ගනුදෙනුකරුවන් විශ්වාස කරයිද?

 

අද අපි කණගාටුවෙන් හා ලජ්ජාවෙන් මේ ගැන කරුණු කියන්නේ රජය විසින් ලබා දුන්  පොරොන්දු දැන් එළිපිටම කඩන නිසයි. මෙවැනි සිද්ධි නිසා ජනාධිපතිවරයාට පමණක් නොව ඔහු නියෝජනය කරන ශ්‍රී ලාංකික ජනතාවට ද විශාල අපකීර්තියක් ලැබෙන බව ජනාධිපතිවරයා තේරුම්ගත යුතුයි.

20 වැනි සංශෝධනය බල පවත්නාතාක් මෙරට මහජන නියෝජිතයින් මෙන්ම පුරවැසියන්ද ජීවත් වන්නේ ප්‍රජාතන්ත්‍ර මූලධර්ම අමු අමුවේම උල්ලංඝනය කෙරෙන ඒකාධිපති, කෲර, අසංවර පාලනයක් තුළ බව බහුතර මතයයි.

අධිකරණය ඉක්මවා යන බලතල ජනාධිපතිවරයා සතුව ඇත. මහජන නියෝජිතයින් බලතල නොමැතිව අසරණ වී ඇත. සර්වබලධාරී එක් පුද්ගලයකු මිලියන 22 ක් ඉක්මවන මුළු ජනතාවගේ ඉරණම පාලනය කරයි.

 

අද රට තුළ 20 වැනි සංශෝධනයට එරෙහිව දැඩි විරෝධයක් පවතී. ආගමික නායකයන් මෙන්ම සමස්ත ජනගහනයෙන් 82% ක් පමණද මෙම දරුණු ව්‍යවස්ථාව නිසා රට විනාශයට පත්වූ බවත්, එහෙයින් එය වහා ඉවත් කළ යුතු බවටත්,  මතයක් දරන බවට සමාජ සමීක්ෂණ වලින් පෙනී යයි.

 

දරුවන් 56,000 ක් මන්දපෝෂණයෙන් ...


එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අනුව මිලියන 5කට ආසන්න ජනතාවක් දරිද්‍රතාවයෙනුත්, දරුවන් 56,000 ක් මන්දපෝෂණයෙනුත්, පෙළෙන බවටත් සතිඅන්ත පුවත්පත් වාර්තා කර තිබේ.

අද අපි ලෝකයා හමුවේ අසරණ වී ඇත. අපට මිතුරන් විරලය. රටට පිළිගලිගැනීමක් හා ගෞරවයක් නොමැත. පිළිගැනීම හා ගෞරවය බලෙන් ලබාගත නොහැක. එය උපයාගත යුතුයි.

එම නිසා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අපි කියන්නේ පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කරන ලෙසයි. ජනතාව මේ වෙනුවෙන් දක්වන උනන්දුව අපි දිනපතා දකිමින් සිටිමු.

මේ කරුණු සඳහන් කරන්නේ වගකීමෙන් යුතුවයි. විවිධ හේතු දක්වමින් ජනතාව තවත් කෝප කරන්නට එපා. මේ හඬ රට වටෙන්මත්, අරගල භූමිවලිනුත්, අපට නිතර ඇසෙනවා. ඒ හඬ ඉදිරියට තවත් බලගතු වේවි. එම විරෝධය සුළුවෙන් තකන්නට එපා.''


 

{gallery}radicalcenter2022531{/gallery}

 

Leader Whats app

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්