leader s

පසුගිය 9 වනදා සහ 10 වනදා විරෝධතා සිදුකරමින් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් හඳුනාගෙන සැකකරුවන් ලෙස නම් කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලීසිය නිවේදනයක් නිකුත්

කරමින් පවසයි.

ඒ අනුව පොලීසිය පවසන්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නියෝග කර ඇති අතර කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නවුඩ ජුලි 05 වන දින නැවත කැඳවීමට නියමිත බවය.

සාමකාමී ගොල්ෆේස් අරගලකරුවන්ට පහරදී මැයි 09 දා සිදුකළ අපරාධයට විරෝධය දක්වමින් ජූනි 09 සහ 10 දෙදින තුළ පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක සැකකරුවන් ලෙස  ප්‍රවීන රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රතිඳු සේනාරත්න (රැට්ටා)  ඇතුළු 09 දෙනෙක් පොලිසිය විසින් සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කර සිටියි.

 

P 01

 

Leader Whats app

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්