නීතිය හා සාමය සම්බන්ධයෙන් පවත්නා වත්මන් තත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුවේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ, රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාසය හේතුවෙන් රටට බලපාන භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි අතර එමගින් නැවත සැකසිය නොහැකි දැඩි  හානි සිදුවිය හැකි බවයි.

එම නිවේදනයේ මෙසේ සඳහන්වේ.

''ශ්‍රී ලංකාවේ දහස් ගණන් ජනයා පෙට්‍රල් හා ඩීසල් ලබාගැනීම සඳහා පැය ගණන් හෝ දින ගණන් පුරා කිලෝමීටර් ගණන් දිග පෝලිම්වල බලාසිටිති. එයට අමතරව ගෑස් හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල ද දැඩි හිඟයකට මුහුණදීමට ඔවුනට සිදුවී ඇති අතර මෙම ප්‍රශ්නවලට විසඳුම් ආසන්නයේ පෙනෙන්නේ ද නැත.


පෝලිම්වල මරණ කීපයක් ද වාර්තා වූ අතර ඖෂධ හිඟය හේතුවෙන් ද මරණ කීපයක් සිදුවී ඇත. රටෙහි පවතින බරපතල තත්වය හේතුවෙන් ජනතාවගේ බලාපොරොත්තු සුන්වන තත්වය තුළින් ඔවුන් කෝපයට හා දැඩි අසහනයට පත්වී ඇත.


පසුගිය දින කීපය තුළදී, විශේෂයෙන්ම රටේ ඇතැම් තැන්වල ඉන්ධනහල් අසල ඇතිවූ මහජන කැළැඹීම් පිළිබඳ වැඩි වැඩියෙන් වාර්තා ලැබෙමින් තිබේ.

කුරුණෑගල, මාස්පොත ඉන්ධන පිරවුම්හලක් අසල පිස්තෝලයක් අතැති පොලිස් නිලධාරියකු පුද්ගලයකුට පහරදෙන ආකාරය සහ ඉන්පසු ඇතිවූ බහින්බස් වීමේ වීඩියෝ පට සහා, අතුරුගිරියේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වාර්තා ආදිය ද රට පුරා තිබෙන ආතතික තත්වය නිරූපණය කරන උදාහරණ වේ.  


288911644 138581148831612 1067564344783150707 n



පොලිස් හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් හට සේවය කිරීමට සිදුවී තිබෙන්නේ දුෂ්කර පසුබිමක බව අපි පිළිගන්නෙමු. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් ද සෙසු මහජනයා මුහුණදෙන පීඩාවන්ට ලක්වනවා ඇත.

කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් දැඩි ඉවසීමෙන් හා වගකීමෙන් යුතුව මහජනයා සමග කටයුතු කිරීම ඉතා වැදගත්ය. රාජකාරි කරන පොලිස් නිලධාරීන් මහජනයා මුහුණදෙන දැඩි පීඩාව පිළිබඳ දැනුවත්භාවයකින් හා අවබෝධයෙන් යුතුව සහ කම්පනයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශයය.

නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හැමවිටම සාධාරණ සහ අපක්ෂපාතී විය යුතුය. පක්ෂපාතී සහ අසාධාරණ ලෙස පෙනෙන ඕනෑම ක්‍රියාවක් හේතුවෙන් දැනට ද ගොඩනැගෙමින් පවතින අවිශ්වාසය තවත් වැඩිවනු ඇත.  


මහජනයා මුහුණදෙන ජීවන බර සැහැල්ලු කිරීම සඳහාත්, මහජනයාගේ අවශ්‍යතා සාධාරණ අන්දමින් ඉටුකිරීම සඳහාත් වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලාසිටින්නෙමු.


පවත්නා තත්වයේ බැරෑරුම්කම මහජනයාට හෙළිදරව් කරනවාට අමතරව, රට දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මුදාගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද රජය නිරන්තර පදනමින් මහජනයා දැනුවත් කිරීම ඉතා වැදගත්ය. එසේම, එම ක්‍රියාමාර්ගවල සිදුවන ප්‍රගතිය පිළිබඳව ද, ඉන්ධන, ගෑස් සහ වෙනත් අවශ්‍යතා සපිරීම සඳහා සකස්කර තිබෙන සැලසුම් සහ එම සැලසුම්වල ප්‍රගතිය පිළිබඳව ද දැනුම් දිය යුතුය.  

මෙම අර්බුද විසඳීම සඳහා කටයුතු කිරීමේදී මහජනතාව තුළ විශ්වාසය නැවත තහවුරු කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැගීම ඉතා වැදගත් පියවර බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි.

රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන කෙරෙහි මහජනයා අතර නිර්මාණය වෙමින් තිබෙන දැඩි අවිශ්වාසය හේතුවෙන් රටට බලපාන භයානක ප්‍රතිඵල ඇතිවිය හැකි අතර එමගින් නැවත සැකසිය නොහැකි දැඩි  හානි සිදුවිය හැකිය.

Law 2022.06.18

 

1655376090 badulla Lකුඩා දරුවෙකු ද පාසල අවසන්වී නිවෙසට යන අතර පෝලීමක රැඳි සිටන ආකාරය.


පොලිසීයට අත තිව්වොත් බලාගෙනයි !



මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසන්නේ, ඉන්ධන පිරවුම්හල් අසලදී පොලිස් නිලධාරීන්ට  පහර දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව යි.

එසේම එවැනි ස්ථානවල දී රාජකාරි සීමාව ඉක්මවා කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

පොලිස් නිලධාරින් තෙල් බෙදන කටයුතුවල යෙදෙන පිරිසක් නොවන හෙයින්   ඔවුන් සමග  ගැටුම් ඇතිකර ගැනීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය

 

 

Screenshot 2022 06 18 at 7.11.51 PM

Leader Whats app

 

  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්