leader s

කොළඹ ජනාධිපති කාර්යාලය අසල අද (20) අලුයම උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබුණි.

’ගෝඨා ගෝ ගම’ අරගලයේ නිරත විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලයේ ‍සෙසු පිවිසුම් දෙක ද අවහිර කර ඇත.

විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ගලධාරී හෝටලය ඉදිරිපිට ලෝටස් මාර්ගයේ පිහිටි සෙසු පිවිසුම් දෙකද අවහිර කරමින් අට්ටාල ඉදිකර තිබෙන බව පොලිසිය පැවසුවේය.

එම අවස්ථාව සඳහා දහසක පමණ අරගලකරුවන් පිරිසක් එක්ව සිටි බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනවිට හමුදා භට පිරිස් යොදවා ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාව තරකිරීමට ද පියවර ගෙන තිබේ.

කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ක්‍රියාත්මක 'ගෝඨා ගෝ ගම' අරගලය අද ක්‍රියාත්මක වන්නේ, 73 වන දිනටයි.

අරගලයේ නිරත පිරිස පවසන්නේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වන වන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, අද (20) දිනයේ සිට අරගලයේ දෙවන අදියර ආරම්භ කරන බවත් ය.


Aragala 2022

Leader Whats app

 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්