leader s

ඉන්ධන සහ ගෑස් පෝලිම්වලදී මියගොස් ඇති සංඛ්‍යාව දහතුන් දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.


මෙම පුද්ගලයන්ට වහාම වන්දි ගෙවන ලෙස සමගි ජන බලවේගය පක්ෂය රජයෙන් ඉල්ලීමක් කළේ‍ය.

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත ප්‍රකාශ කරන්නේ එම පිරිසට වන්දි ගෙවීමක් නොකළහොත් ජගත් මානව හිමිකම් කමිටුවට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි.


මීගහතැන්න ඉන්ධන හලේ කලබලයක්



මීගහතැන්න පැලවත්ත ඉන්ධන හලේ ආරක්ෂාවට සිටි හමුදා සෙබළකුගේ ගිනි අවිය උදුරා ගැනීමට තැත් කිරීමේදී අහසට වෙඩි තබා එය වැළැක්වීමට සිදු වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

දින 4කට පමණ පසු එම ඉන්ධනහලට පැට්‍රල් සහ ඩීසල් ඉන්ධන ලැබී ඇති අතර ප්ලාස්ටික් බූලි කිහිපයක් රැගෙන පැමිණි පුද්ගලයකු ඒවාට ඉන්ධන බලහත්කාරයෙන් ලබාගැනීමට උත්සාහ කිරීමේදී එහි සිටි පොලිස් නිලධාරියෙක් එය වලක්වා ඇති බව පොලිසිය පවසයි.

එම අවස්ථාවේදී ආරක්ෂාවට සිටි හමුදා සෙබළකු ද එම ස්ථානයට පැමිණි ඇති අතර ඉන්ධන බලහත්කාරයෙන් ලබා ගැනීමට පැමිණි පුද්ගලයාට හිතවත් පිරිසක් හමුදා සෙබලාගේ ගිනි අවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමඟම මෙම වෙඩි තැබීම සිදු වී ඇතැයි පොලිසිය කියයි

ඒ සමඟම පිරිසක් ඉන්ධනහලට ගිනි තැබීමට උත්සාහ කරන බවට ලද තොරතුරු අනුව ආරක්ෂාකාරී පියවරක් ලෙස ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට නොගත් බවත්  ඔහු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය


(lankadeepa.lk)

Leader Whats app

 

  32

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්