leader s

මුදල් අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගය අවහිරකර විරෝධතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලකරුවන් 21 දෙනා එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරිරි ඇපයක් මත මුදා

හරින්නැයි කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.

එසේ ඇප ලැබුවන් අතර ඉසුරු වර්ණකුලසූරිය (පන්හිඳ), චමීර මධුසංඛ, රම්දිමාල් ගමගේ, ධනයිස් අලි, අංජුල රාජපක්ෂ, අනුරුද්ධ බණ්ඩාර, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේෂ් ඉන්දික සහ මොහොමඩ් ෆාසීම් යන අයද සිටී.

අත්අඩංගුවට ගෙන තිබු පිරිස අතර භික්ෂුවක්, පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු සහ කාන්තාවන් 4 දෙනෙකු සිටියේය.

අදට (20) යෙදී ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ 73වන උපන්දිනය වෙනුවෙන් විරෝධතාවයන්හි යෙදී සිටි 21 දෙනෙකු අද උදෑසන පොලිසිය විසින් අත් අඩංඟුවට ගනු ලැබිය.

මෙම අත්අඩංඟුවට ගැනීම් සිදු කරන ලද්දේ පෑලියගොඩ පොලීසිය විසිනි.

මෙම විරෝධතාවයන් නිසා අන්තර් ජාතික මුල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වීමට තිබූ සාකච්ඡාවන්ට බාධා පැමිණි අතර මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අදාල සාකච්ජාවට සහභාගී වනවිට පැය භාගයක් ප්‍රමාද වී තිබිණ. 

Leader Whats app

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්