leader s

ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලභූමියේ දීර්ඝකාලීන මෙන් ම සක්‍රිය සාමාජිකයකු වන අමල් සාලින්ද අද (20) සවස පොලිසිය විසින් රැගෙන ගොස් තිබේ.


අත්අඩංගුවට ගැනීමට හේතුවක් හෝ වරෙන්තුවක් ඉදිරිපත් කර නොමැති අතර, මේ වන තුරු ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කවර පොලිස් ස්ථානයෙන් ද යන්න වත් හෙළිදරව් කර නොමැත.

මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකරුවන් ඇතුළු විරුද්ධවාදීන් මර්දනය කිරීමේ සහ අතුරුදන් කිරීමේ දීර්ඝ ඉතිහාසයක් ඇති වත්මන් රෙජීමයේ අලුත්ම බිල්ල වී ඇත්තේ අමල් සාලින්ද දැයි අරගලකරුවෝ සැක පහළ කරති.

හෙට දිනයේ මෙම පැහැරගැනීම පිළිබඳව අරගලකරුවන් විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට නියමිතය.




ජනමාධ්‍යවේදී තවසීලන්ට පහරදුන් පුද්ගලයාට  පොලිස් රැකවරණ !



Media Thavaseelan attack 19 June 2022

දෙමළ මාධ්‍යවේදී ෂන්මුගම් තවසීලනට ඉන්ධන හිඟය පිළිබඳ පුවතක් වාර්තා කරමින් සිටියදී මල්ලාවි ඉන්ධන පිරවුම්හලේදී නාඳුනන පුද්ගලයකුගේ ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙය සිදුව ඇත්තේ ජුනි 17වන සිකුරාදාය.

තවසීලන් එදින මුලතිව් මල්ලාවි ඉන්ධන පිරවුම්හලට ගොස් ඇත්තේ, ඉන්ධන පිරවුම්හලෙන් පිටත දිගැදුණූ දිගු පෝලිම් පිළිබඳව වාර්තා කිරීම සඳහාය. එහිදී ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් බලා සිටියදී නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයට ලක් විය.

තවසීලන් ඒ සම්බන්ධයෙන් මල්ලාවි පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

හමුදා හා පොලිස් සෙබළුන් බලා සිටියදීම ජ්‍යෙෂ්ඨ දෙමළ මාධ්‍යවේදී ශන්මුගම් තවසීලන්ට පහරදුන් නාඳුනන පුද්ගලයා දින 2 තිස්සේ අත්අඩංගුවට නොගත් මල්ලාවි පොලීසිය, අද දින විමර්ශනයක් සඳහා මාධ්‍යවේදියා කැඳවන ලද අතර අත්අඩංගුවට ගත් සැකකරු කෙටි වෙලාවක් රඳවා තබා නිදහස්කර යැවූ බව ටිවිටර් ආරංචි මාර්ග දක්වයි.

තවසීලන් වැඩ කරමින් සිටියදී පහර කෑමට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2020 ඔක්තෝම්බර් මාසයේදී තවසීලන් සහ තවත් මාධ්‍යවේදියෙකු වන කනපතිපිල්ලේ කුමනන් සමඟ නීතිවිරෝධී දැව ජාවාරම් පිළිබඳ පුවතක් වාර්තා කරමින් සිටියදී යකඩ පොලුවලින් පහර දෙන ලදී.

මාධ්‍යවේදීන් ඔවුන්ගේ වෘත්තීය කිරීමේදී හිරිහැර සහ ප්‍රචණ්ඩත්වයට ලක්වීම දැන් නිතිපතා වාර්තා වේ.

එනමුත් උතුරු නැගෙනහිර සිදුවන එවැනි මර්දනකාරී ක්‍රියා කොළඹ ජනමාධ්‍ය සංවිධාන විසින් බොහෝ කොට නොසළකා හරිනු ලැබේ.

 

Leader Whats app

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්