leader s


ජූනි 9 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය අසළ විරෝධතාවකදී මාර්ග බාධකයකට හානි කිරීම ඇතුළු නීති විරෝධී කටයුතු කළ බවට චෝදනා කරමින් සිරගත කළ අරගලයේ ක්‍රියාකාරින් පස් දෙනකුට ඊයේ (24) දින ඇප

නියම කළද, අනෙක් අරගලකරුවන්ටද ඇප ලබා දෙන තුරු රැඳී සිටීමට ඔවුන් තීරණය කර තිබිණ.

පොලිසිය විසින් චෝදනා නගමින් මෙසේ අත්අඩංගුවට ගැනීමට නම්කරනු ලැබුවේ වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ, ගල්වැව සිරිධම්ම හිමි හා රත්කරව්වේ ජිනරතන හිමි වේ.

ඔවුන් අතුරින් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ හා රත්කරව්වේ ජිනරතන හිමි පසුගියදා මරදාන පොලිසිය වෙත පැමිණ මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූහ. මේ අතර පොලිසිය විසින් අමල් සාලින්ද ගාලුමුවදොර ‘ගෝටාගෝගම’ අසළදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊයේ දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෝසමකට අනුව, මහෙස්ත්‍රාත්වරයා විසින් ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ යන අයට ඇප ලබා දෙන ලදී.

කෙසේවෙතත්, රක්ෂිත බණ්ධනාගාරගතව සිටින ළහිරු වීරසේකර, අමල් සාලින්ද, රතිඳු සේනාරත්න හා රත්කරව්වේ ජිනරතන හිමි යන අයට ඇප ලබා දෙන තුරු සිය ඇප කොන්දේසි ඉටු නොකරමින් දිගටම සිරගතව සිටීමට ඔවුන් තීරණය කර ඇත.

WhatsApp Image 2022 06 25 at 8.36.57 AM
අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම



මෙම අරගලකරුවන්ට අදාළ චෝදනාව ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ නීති විරෝධී ජනරාශියක සාමාජිකයන් වීමය. මොවුන් රාජ්‍ය දේපළවලට අලාභ කර ඇති බවටද චෝදනා කරමින් පොලිසිය කියා සිටි ආකාරයට ජූනි 9 වැනිදා මාර්ග බාධකයක් පෙරලා දැමීමෙන් සිදුව ඇති හානියේ තක්සේරුව රුපියල් 60,000ක අලාභයක් ලෙස ප්‍රකාශ කෙරිණි.

කෙසේවෙතත්, ජූනි 21 වැනිදා මොවුන් මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ සකස් කළ බී වාර්තාවේදී එම අලාභය රුපියල් 179,000ක් ලෙස වැඩිකර දක්වා ඇප ලබා දිය නොහැකි මට්ටමේ චෝදනා ගොනුකර තිබුණි.

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්