leader s

පක්ෂ කිහිපයක සහය ලබාගෙන අළුත් ආණ්ඩුවක් පිහිටවීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇති බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ පවසයි.

එහි අග්‍රාමාත්‍ය ධූරය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් දරණු ඇතිබවත් පාර්ලිමෙන්තුව නියෝජනය කරනා පක්ෂ කිහිපයක් එම රජයට සම්බන්ධවීමට නියමිත බවත් ඔහු පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වන කාලරාමුවක් ඉදිරිපත් කළ යුතු බව එම නව රජයට සහය දෙන පක්ෂ පොදු එකඟතාවයකට පැමිණ ඇති බවත්, නව රජයක් පිහිටවීමට ඔවුන් පනවන එකම කොන්දේසිය එය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ වැඩිදුරටත් පැවසිය

සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට අවංකව මැදිහත් වන ලෙස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ඊයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්සට ලිඛිතව දන්වා සිටියේය.


ජනාධිපතිට ජුලි 07 දක්වා කල්දෙයි !



තවදුරටත් රට අරාජික තත්ත්වයට පත් නොකර ජූලි මස 07 වන විට සිය ධූරයෙන් ඉවත්ව යන ලෙස දන්වමින් ‘භික්‍ෂු සංවිධාන එකමුතුව’ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වෙත ලියුමක් මගින් දැනුම් දී තිබේ.

එසේ ඉවත්ව නොයන්නේ නම්, මෙරට සියලු ම භික්‍ෂුන් වහන්සේ කොළඹට ඒකරාශී කර මෙම 7 දින සිට අඛණ්ඩ හා දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව ද එම භික්‍ෂු සංවිධානය සිය ලියුම මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.


සබැඳි පුවත් :
භික්ෂු සංවිධාන ජනාධිපතිට ජුලි 07 දක්වා කල්දෙයි !

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ! -නාහිමිවරුන් ගෙන් ජනපතිට ලිපියක්

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්