වත්මන් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ රටේ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ පිලියම් යෙදීමට අසමත්ව ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය, ප්‍රකට  ව්‍යාපාරික ධම්මික පෙරේරා අවධාරණය කරයි.


රටේ මතුව ඇති සියලු ආර්ථික ගැටළු ඩොලර් අර්බුදය හා බැඳී ඇති බවත්, එම ඩොලර් අර්බුදය විසඳීමට මුදල් අමාත්‍යවරයා සතුව සාර්ථක වැඩපිළිවෙලක් නැති බවත් පෙන්වා දෙන ධම්මික පෙරේරා අමාත්‍යවරයා, රට තුළට ඩොලර් ගලනය සඳහා වැඩපිළිවෙලක් යොදනු වෙනුවට හිතමිතුරන්ගෙන් මුදල් ණයට ගැනීමේ ප්‍රතිපත්තියක් ඔහු විසින් අනුගමනය කරමින් සිටින බව චෝදනා කරයි.

ඩොලර් ඉපැයීම්, ණය ගැනීම්, සේතු මූල්‍යකරණය, පවතින ණය මාර්ග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ණය මාර්ග සම්බන්ධ සියලු කාරණා ප්‍රමාද කරන මුදල් අමාත්‍යවරයා, ජාත්‍යන්තර මාධ්‍ය හමුවට ගොස් මෙම කාලසීමාව තුළ සංචාරකයන්ට රටට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමෙන් සංචාරක කර්මාන්තය ඔස්සේ ලැබීමට ඇති ආදායම් ද බිඳවට්ටවා ඇති බවට ධම්මික පෙරේරා චෝදනා කරයි.



ශ්‍රී ලංකා මහ බැංකුව විදේශිකයන්ගේ ප්‍රේෂණවලින් අමතර ආදායමක් ලබා ගැනීමට සැලසුම් සකස් කර ඇති මුත් මුදල් අමාත්‍යවරයා නිවේදනය කරන්නේ ඇමරිකානු ඩොලරය රු. 450 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇති බවයි. මෙවන් ප්‍රකාශ ඔස්සේ විදේශ ප්‍රේෂණ රටතුළට ගලා ඒම පවා නතර විය හැකි බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරයි.


රටතුළ මතුව ඇති අර්බුදය පිළිබඳව මුදල් අමාත්‍යවරයා දෙසතියක් තුළ ලබාදුන් යාවත්කාලීනය හමුවේ ධනවත් පුද්ගලයන්ට තම මුදල් ද සමඟ රටින් පිටව යන ලෙස ඉඟි කරන බවත්, මෙමඟින් ඩොලර් අර්බුදය හිනිපෙත්තකට දිවයා හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

මේ වන විට මාසිකව පවුල් 200ක් රට හැර දමා යන වාතාවරණයක් තුළ, එක් පවුලකින් අහිමි වන මුදල ඩොලර් මිලියන භාගයක් යැයි ගණන් බැලුවත් එමඟින් රටින් ඉවත්ව යන මුළු මුදල් ප්‍රමාණය මසකට ඩොලර් මිලියන 100 ක් බවයි ධම්මික පෙරේරා පවසයි.



ශ්‍රී ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමක කිසිදිනක තිබුණේ නැති බවත්, එසේ තිබියදී පවතින උද්ධමනය අඩු කරන බව පවසන මුදල් අමාත්‍යවරයා ට උද්ධමනය අඩු කිරීමේ වැඩපිළිවෙළක් හෝ නොමැති බවට  ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා චෝදනා කරයි.


පොලී අනුපාත ඉහළ ගොස් තිබෙන පසුබිමක, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සහ අනෙකුත් කර්මාන්තවල පැවැත්මට එය අහිතකර ලෙස බලපා ඇති බව පෙන්වා දෙන ධම්මික පෙරේරා, මුදල් අමාත්‍යවරයාට පොලී අනුපාත අඩු කිරීමට හෝ කිසිඳු සැලසුමක් නැති බව ද චෝදනා කරයි.

මුදල් අමාත්‍යවරයාට විනිමය අනුපාතය ස්ථාවර කිරීමට අවශ්‍ය බව පැවසූව ද ඊට ද සැලසුමක් නැති බවත්, දළ දේශීය නිෂ්පාදිතයට ශ්‍රී ලංකාවේ ණය අනුපාතය සියයට 140 ක් වන වාතාවරණයක එම අනුපාතය සියයට 95 ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය බව පවසන ඔහුට ඒ සඳහා හෝ නිසි සැලසුමක් නොමැති බවයි ධම්මික පෙරේරා  පෙන්වා දෙයි.

ශ්‍රී ලාංකිකයින්ට දිනකට ආහාර වේල් 2 ක් පමණක් ලබා දෙන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, මෙමගින් ධනවත් පුද්ගලයන් භාණ්ඩ තොග ගබඩා කිරීමට පෙළෙඹෙන බවත්, ඔහුගේ ප්‍රකාශය නිසා ශ්‍රී ලංකාව කල් ඇතිවම ආහාර අර්බුදයක් කරා දිවෙනු ඇති බව ධම්මික පෙරේරා අනතුරු අඟවයි.

එකී පසුබිම තුළ ඔහු වහා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා අවධාරණය කරයි.



'' කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් අවුරුදු 12 ක් විධිමත්ව බදු අය කර නෑ'' - අගමැති කැබිනට් හමුවේදී කියලා


කැසිනෝ ව්‍යාපාරිකයකුවන ධම්මික පෙරේරා මෙසේ හිටි හැටියේ අගමැතිවරයා ඉලක්කකර ගනිමින් සිදුකර ඇති ප්‍රකශය සම්බන්ධයෙන් මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි සංවාදයක් මතුව ඇත.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ගෙනවිත් ඔහුට ප්‍රබල අමාත්‍යධුරයක් ලබාදුන් බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවක් ධම්මික විසින් ඉටුකරමින් සිටින බවට ඇතැමුන් පවසද්දී, ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසන්නේ අග්‍රාමාත්‍යවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේ දී සිදුකළ ප්‍රකාශයක් නිසා ධම්මික කලබලයට පත්ව සිටින බවකි.


RW diwina



අණ පනත් පැවතියද දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට පිහිටි කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක කාලයක් තිස්සේ නිසි පරිදි විධිමත් බදු අයකර ගැනීමක් සිදුව නොමැති බව පෙරේදා (04 වැනිදා) පැවති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහපෙන්වා දී තිබේ.


කැසිනෝ ව්‍යාපාර නියාමනය සඳහා 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත සහ 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනත යටතේ විධි විධාන පනවා තිබී ඇත.

එසේ වුවද 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කර නොතිබීම හේතුවෙන් එය යටතේ මෙරට තුළ ඇති කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට බලපත්‍ර නිකුත් කිරීමක් මෙතෙක් සිදුව නැත.

එම තත්ත්වය හේතුවෙන් මෙරට තුළ ක්‍රියාත්මක කැසිනෝ ව්‍යාපාරවලින් විධිමත් අයුරින් බදු අයකර ගැනීමට අපහසු වී තිබෙන බවද අගමැති රනිල් වික්‍රමසිංහ  කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබේ.

මේ අනුව 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමන පනත යටතේ වන නියෝග නිකුත් කිරීමටත් 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට අවශ්‍ය සංශෝධන ගෙන ඒම සඳහාත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.


''අතීතය පාරන්නේ නැතිව වළෙන් ගොඩ යන්න බලමු‘''



අර්බුදකාරී අවස්ථාවේ සියලු දෙනාගේම වගකීම සහ යුතුකම වන්නේ අතීතය පාරමින් සිටීම නොව අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශක්ති ප්‍රමාණයෙන් සහය වීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.

රට ඇද වැටී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මූලික අවධානය යොමු කරන්නට සිදුවී තිබෙන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමට බවත් මේ අවස්ථාවේ හැකි පමණ දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් කළ යුතු අතර රටට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීම සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය බලවත් කළ යුතුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය .

එහිදී විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට එකට වැඩ කළ හැකි බවද අග්‍රාමාත්‍යවරයා කීය.

(උපුටා ගැනීම් -lankanewsweb.net)

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්