leader s

කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා ජූලි 13 වැනි බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයා මාධ්‍ය හමුවක් පවසමින් මීට ටික වේලාවකට පෙර දැනුම් දුන්නේය.

මේ අතර රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයකු පත් කරගැනීම සහ නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තාවේ.

මේ අතර රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂද ඊයේ(10)  දිනයේ විශේෂ සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්