ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දිවයිනෙන් පිටත් ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලය තහවුරු කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම මාලදිවයින බලා නික්ම ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග ද සදහන් කළේය.
ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයකු මෙසේ පිටත්ව ගොස් තිබේ.
මොවුන් සිව් දෙනාගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි, කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසින් රැගෙන විත් අනුමත කර ගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.
ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 ( ඒ.එන්.- 32 ) වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අද අලුයම 01.45 ට පමණ බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබේ
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුදා ජෙට් යානයකින් රටින් පිටව ගිය බව බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද අලුයම 3 ට පමණ මාලදිවයිනේ මලේ අගනුවරට පැමිණි බව බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කළේය.

ජනපතිට මෙරටින් පිටවත්ව යාම සම්බන්ධව ගුවන් හමුදාවෙන් නිවේදනයක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දිවයිනෙන් බැහැරව යාම සඳහා ගුවන් හමුදාවේ යානයක් ලබා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය පහතින් :
"ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනපති වරයෙකුට හිමි බලතල ප්‍රකාරව, පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඇති ආගමන විගමන, රේගු සහ අනෙකුත් සියලුම නීතිවලට යටත්ව, ජනාධිපති තුමා සහ එම මැතිනිය සමග ආරක්ෂකයන් දෙදෙනෙකු හට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදාවේ ගුවන් යානයක් 13 වන දින අලුයම ලබා දෙන ලදි."
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියේ ආධිපත්‍යයට ගරු කරන්න - ශ්‍රී ලංකා නීතිඥ සංගමය
ශ්‍රී ලංකා නීතියේ ආධිපත්‍යය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය අඩපණ බව හැඟවෙන ඇතැම් විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ආරෝෂණය කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකා පුරවැසියන් මෙම තීරණාත්මක අවස්ථාවේදී නීතියේ ආධිපත්‍යයට සහ ව්‍යවස්ථාපිත ගරු කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
පොලිස් මුලස්ථානය ඉදිරිපිටදී අරගලයට සම්බන්ධ පිරිසක් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා. එහිදී එම ප්‍රකාශය සිදුකරනු ලබන පුද්ගලයා සඳහන් කර සිටින්නේ ජුලි 09 වෙනිදායින් පසුව පවතින්නේ නව සම්මුතියක් බවයි.
මේ අතර ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හැරීම අපේ රටට හෝ එහි ජනතාවට හිතකර නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, එහි ආයතනවලට සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීම ප්‍රජාවගේ සහ එහි ජනතාවගේ ජිවිතයට අත්‍යවශ්‍ය වන බව රජයේ අඛන්ඩ කාර්යයන් සහතික කරන බවද නීතිඥ සංගමය අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය පහතින් :


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට අදාළව, ඉන්දීයව ඊට සහාය දැක්වූයේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය හිමි වන බව එහි තවදුරටත් දැක්වේ.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.