ජනපතිට පිටත්ව යාම සඳහා ගුවන් හමුදා යානයක් ලබා දීමට ගුවන් හමුදාපතිවරයාට අනුමැතිය දුන්නේ කව්රුන්දැයි ප්‍රශ්නයක් මතුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ජනාධිපතිවරයාට සිය බිරිඳ හා ආරක්ෂකයන් දෙදෙනෙකු සමග කටුනායක සිට මාලදිවයින බලා පිටත්ව යාමට පවතින රජයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ යානයක් අද (13) අලුයම ලබා දුන් බව ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව ජනාධිපතිවරයා, බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනකුට මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් හමුදා යානයක් ලබා දුන් බවයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 ගුවන් යානයෙන් මාලදිවයින බලා රැගෙන ගොස් ඇත.
''අපි ඕවට නැ - ඉන්දියාව කියයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ බැසිල් රාජපක්ෂට ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ඉන්දීයාව සහාය හා පහසුකම් දැක්වූ බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉන්දියාව අඛණ්ඩව ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය දක්වන බව නැවත නැවතත් ප්‍රකාශ කරන බව මහ කොමසාරිස් කාර්යාලය කියයි.
ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට අදාළව, ඉන්දීයව ඊට සහාය දැක්වූයේ යැයි පළ වන වාර්තා අසත්‍ය බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද සහ වටිනාකම්, ස්ථාපිත ආයතන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රාමුවක් තුළින් සෞභාග්‍යය සහ ප්‍රගතිය සඳහා වන සිය අභිලාෂ ඉටු කරගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය හිමි වන බව එහි තවදුරටත් දැක්වේ.
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.