දේපළ හා ජීවිත හානි වළකාලමින් ගැටුම්කාරී වාතාවරණයන්ට ඉඩ නොදී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් හරහා පමනක් අරගලය

දියත්කරන මෙන් 'සර්වපාක්ෂික අරගලකරුවෝ' සියලු අරගලකරුවන් ගෙන් ඉල්ලා සිටියි.

ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

ඉතිහාසයේ දැවැන්තම මහජන අරගලය හරහා ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ පැළැන්තිය දේශපාලනිකව පරාජය කිරීමට මේ රටේ ජනතාව සමත් විය. එම පරාජයෙන් පසු බැස, නැවත කුමන්ත්‍රණ හරහා බලය තහවුරු කරගැනීමට රාජපක්ෂ - වික්‍රමසිංහ කණ්ඩායම උත්සාහ කරන බව ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබා නොදී, වැඩ බලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහව පත් කිරීමෙන් පැහැදිලි වේ.

 

මේ මොහොතේදී වැඩබලන ජනාධිපතිධූරයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත ජනතා විරෝධය මර්දනයට ලක්වෙමින් තිබෙන අතර වහාම එම මර්ධනය නතර කරන ලෙස අප ඔහුට දැඩිව අවධාරණය කරමු.

 

දැවැන්ත හමුදා බලඇණි හෝ අරගල බිම වටා හෙලිකොප්ටර් යානා පියාසර කරවීමෙන් සිය ජනාධිපතිධූරයට මහපොළොව මත වලංගු භාවයක් හිමිකර කරගත නොහැකි බවත්, පොදුජනතාවගේ ඉවසීම පරීක්ෂා නොකරන ලෙසත් අප රනිල් වික්‍රමසිංහට මතක් කර දීමට කැමැත්තෙමු.


මේ මොහොතේදී රට අරාජිකත්වය කරා ගමන් නොකර දේශපාලනිකව රනිල් වික්‍රමසිංහ පරාජය කිරීම සඳහා සාමුහික ජන අරගලයකට සූදානම් විය යුතු බවත්, එම නිසා දේපළ හා ජීවිත හානි වළකාලමින් ගැටුම්කාරී වාතාවරණයන්ට ඉඩ නොදී ව්‍යවස්ථානුකූල නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් හරහා පමනක් අරගලය දියත්කරන මෙන් කාරුණිකව සහොදර අරගලකරුවන්ගෙන් අප ඉල්ලා සිටිමු.


(සර්වපාක්ෂික අරගලකරුවෝ)


PHOTO 2022 07 13 15 19 17
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්