leader s

සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩුපක්ෂය හා විපක්ෂය යන දෙපාර්ශවය පිලිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන ලෙස වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක මහින්ද යපා අබේවර්ධන
වෙත දැනුම් දි ඇත.

පසුගිය (11) වනදා අග්‍රාමාත්‍ය කාර්යාලය දි අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේදී සහභාගී වූ සියලුම අමාත්‍යවරුන්ගේ අදහස වූයේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම, එම රජයට වගකීම් භාර දීමටයි.

වැඩබලන ජනාධිපති හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කතානායකවරයා වෙත  ඉහත දැනුම්දීම කර ඇත්තේ ඒ අනුව බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජුලි 09 දා ද පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබිණ.
 
 
ජනාධිපතිවරයා විසින් සිය ධුරයේ වැඩ බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා වෙත බලය පවරමින් අද (13) දින නිකුත්කළ අති විශේෂ ගැසට් නිවේදනය 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM


 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්