leader s

හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා ද ජුලි 20 දා පැවැත්වෙන ජනාධිපති තරඟයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා බාරදීමට තීරණය කර ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින්

වාර්තාවේ.

වත්මන් අර්බුදයෙන් රට යළි ගොඩගැනීම සඳහා මධ්‍යස්ථ මතධාරියකු මේ මොහොතේ රටේ රාජ්‍ය නායකත්වයට පත්කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස වී ඇතැයි අනුර ප්‍රියදර්ශන යාපා ගේ නායකත්වයෙන් යුත් ස්වාධින මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානියකු theleader.lk වෙත පැවසිය.

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් පමණක් නොව ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අනුර ප්‍රියදර්ශන යාපාට සහාය ලබාදීමට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුයේ, තමන්ට ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස මන්ත්‍රීවරුන් රාශියකගෙන් ඉල්ලීම් ලැබෙමින් පවතින බවයි.

ජනාධිපති තරඟයට ඉදිරිපත්වන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් දැනටමත් ප්‍රකාශකර ඇත.

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්