ගෝඨාභය රාජපක්ෂ පැනයාමෙන් හිස් වූ ජනාධිපති ධූරය  සඳහා තරග වදින මන්ත්‍රීවරු

සිව් දෙනාගෙන් අයකුට ඡන්දය ලබා දිය යුත්තේ මුලික ඉල්ලීම් හතකට ලිඛිතව එකඟ වන්නේ නම් පමණක් බවට දෙමළ සිවිල් සංවිධානයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි.

යාපනය මාධ්‍ය සමාජයේදී ජුලි 17 වැනි ඉරිදා මාධ්‍ය හමුවක් පවත්වමින් සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය අවධාරණය කළේ, අපේක්ෂකයන් සිව් දෙනා එම කොන්දේසි වලට එකග නොවන්නේනම් දෙමළ ජනතා නියෝජිතයන් ඔවුන්ට ඡන්දය ලබා දීමෙන් වැලකී සිටිය යුතු බවයි.

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අමාත්‍ය  ඩලස් අලහප්පෙරුම අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා තරග වදින බව ප්‍රකාශයට පත්කර තිබේ.

සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ නීතිඥ සී.ඒ ජෝතිලිංගම් අවධාරණය කරන්නේ, දෙමළ ජනතාවගේ සියලු ප්‍රශ්න ඇතුළත් දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් සිංහල, දෙමළ ජාතීන් අතර සමාජ එකඟතාවක් ඇති කළ යුතු බවයි.

ඒ වෙනුවෙන් ව්‍යවස්ථාවක් මාස 6ක් ඇතුළත සම්පාදනය කළ යුතු අතර එම අතුරු කාලයට පොලිස් ඉඩම් බලතල සහිත අතුරු පාලනයක් ඇති කළ යුතු බවත් ඔහු මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සදහන් කළේය.



ජනාධිපති අපේක්ෂකයකුට සහාය ලබා දෙන්නේනම් දෙමළ ජනතා නියෝජිතයන් විසින් ඔහුගෙන් ලිඛිතව එකග කර ගත යුතු බවට සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ඉදිරිපත් කරන ඉල්ලීම් හත පහතින්,




01. සියලුම දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුයි. මේ සමඟ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුය.

02. අතුරුදහන් වූවන්ගේ නඩු සංක්‍රාන්ති යුක්ති ධර්මයට අනුව විසඳිය යුතුයි. මේ සඳහා කාලසටහනක් සකස් කළ යුතුය. යුද්ධයෙන් විපතට පත් ජනතාවට (විශේෂයෙන් විශේෂ අවශ්‍යතා ඇති අයට, වැන්දඹුවන්ට) ප්‍රමාණවත් වන්දියක් ලබාදිය යුතුයි.

03. උතුරු නැගෙනහිර හමුදාව වාඩිලා සිටින සියලුම පෞද්ගලික ඉඩම් නිදහස් කළ යුතුය.

04. 2009 න් පසු දෙමළ ප්‍රදේශවල නිර්මාණය කරන ලද සියලුම සිංහල ජනාවාස ඉවත් කළ යුතුය.

05. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවලි සංවර්ධන අධිකාරිය, බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, දෙමළ ඉඩම් ආක්‍රමණය කිරීම වහාම නතර කළ යුතුය.

06 දෙමළ ජනතාව වෙනුවෙන් ආර්ථික සභාවක් ඇතිකර දෙමළ ජනතාව ගොඩගැනීමට පියවර ගත යුතුය.

07. GOTA GO HOME අරගලයේ නිතර වු විරෝධතාකරුවන් ඉදිරිපත්කර ඇති පහත ඉල්ලීම් තුනද තමන් පිළිගන්නා බවයි සමාජ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානයේ නීතිඥ සී.ඒ ජෝතිලිංගම් පවසන්නේ.

I. පොදු වැඩ කටයුතු හොඳින් සිදු නොකරන මහජන නියෝජිතයන් යළි කැඳවීමේ හැකියාව ව්‍යවස්ථාපිත නීතියක් බවට පත් කළ යුතුයි.

II. රජය සමඟ එක්ව නීති සම්පාදනයට සහභාගි වීමේ අයිතිය ජනතාවට ලබාදිය යුතුයි.

III. ආණ්ඩුවේ සියලු කටයුතු අධීක්ෂණය කිරීමට සභාවක් ඇති කළ යුතුයි.


ජුලි 20 වැනි බදාදා  මෙරට පාර්ලිමේන්තුව මගින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත්කරගැනීමට නියමිතයි. මේ වන විටත් වැඩ බලන ජනාධිපතිධුරය හොබවන රනිල් වික්‍රමසිංහ වෙත ගාලු මුවදොර අරගලකරුවන්ගේ දැඩි විරෝධය එල්ල වී තිබේ.

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්