leader s

අනුප්‍රාප්තික ජනාධිපතිධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වී සිටින එහි නායක අනුර කුමාර දිසානායකගේ යෝජිත අන්තර්කාලීන ආණ්ඩුවේ කෙටි කාලීන ප්‍රමුඛතා වැඩ පිළිවෙල එළිදක්වා තිබේ.


එය සිංහල දෙමළ ඉංග්‍රීසී භාෂා තුනෙන්ම “අන්තර්කාලීන ආණ්ඩුවේ රට ස්ථායිකරණය වෙනුවෙන් වූ කෙටි කාලීන ප්‍රමුඛතා” යනුවෙන් නම් කර තිබේ.

පාලන ව්‍යූහය, ආර්ථිකය ස්ථාවර කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝෂධනය, දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම නැවත ආරම්භ කිරීම සහ වත්මන් ඉල්ලීම් පිළිබිඹු කිරීම සඳහා මීලඟ පාර්ලිමේන්තුව තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දීම යන ප්‍රධාන කරුණු 5 යටතේ ප්‍රමුඛතා පෙළගස්වා තිබේ.

අනුප්‍රාප්තික ජනාධිපතිධුරය සඳහා තරඟ කරන සියලු අපේක්ෂකයින් වත්මන් අර්බුදයෙන් රට ගොඩනැගීම සඳහා වූ තමන් ගේ දැක්ම හා වැඩපිළිවෙල ඡන්දයට පෙර ප්‍රකාශයට පත්කරන ලෙස බොහෝ බහුජන සංවිධාන පසුගිය දින කිහිපයේ ඉල්ලා තිබිණ.

 

NPP 2022.07

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

  

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්