ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගෝඨාගෝ ගම අරගලකරුවන් ඉවත් කළ බව පොලිසිය පවසයි.


මෙම ඒකාබද්ධ මෙහෙයුමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි අරගලකරුවන් ඉන් ඉවත් කර එහි පාලනය ආරක්ෂක අංශ යටතට ගෙන ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි අරගලකරුවන් අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

Policen2022.07.22



පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් අයගෙන් එක් අයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ගාලු මුවදොර බාලදක්ෂ මාවත දක්වා වූ කොටසේ පිහිටි කුඩාරම් ද ඉවත් කළ බවයි.

අද අලුයම් කාලයේදී ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිටි විරෝධාකරුවන්ට පහරදි ඉවත්කිරීමට පොලිසිය සහ හමුදාව පියවර ගත්තේ ය.

අලුයම 1. 30 ට පමණ ජනාධිපති කාර්යාලය දෙසින් ඇතුළු වූ පොලිසිය සහ හමුදාව විරෝධතාකරුවන් සහ ඒ අවට ඉදිකර තිබු තාවකාලික ඉදිකිරිම් ද ඉවත් කිරිමට පියවර ගෙන තිබිණ.

මේ වන විට ජනාධිපති කාර්යාල ඉදිරිපිට සිට ගාලුමුවදොර විරෝධතා පැවැත්විමට වෙනක්ර තිබූ ස්ථානය දක්වා වූ ප්‍රදේශය පොලිසිය සහ හමුදාව විසින් අත්පත්කරගෙන ඒ අවට තිබූ සියලු තාවකාලික ඉදිකිරිම් ඉවත් කර තිබේ.


රටේ ආරක්ෂාව ගැන විශේෂ ගැසට් නිවේදනයක්




මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ, මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරවයි.

ඒ අනුව එම ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බව එම නිවේදනයේ දැක්වේ.

Gazat 2022.22

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්