leader s

අරගලකරුවන් ජනාධිපති කාර්යාලයේ තිබූ රාජ්‍ය ලිපි ලේඛන සියල්ල අද දහවල් වනවිට රහසිගතව පිට කිරීමට සූදානම් වන බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබුණ බව ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන්

කරයි.

ජනාධිපති කාර්යාලයේ සිටි කණ්ඩායම් වලට අද පෙරවරු 6.00 වන විට ඉවත් වෙන ලෙස ආරක්ෂක අංශ දැනුම් දී තිබුණත් ඔවුන් පස්වරු 2 දක්වා කාලය ඉල්ලා තිබූ බවත් ආරක්ෂක අංශ ඊට එකඟව සිටි බවත් කියති.

නමුත් රජයේ බුද්ධි අංශ පසුව වාර්තා කර ඇත්තේ අද දහවල් වන විට ජනාධිපති කාර්යාලය අසලට සෙනග ගෙන්වා කළ කලකෝලාහල ඇති කිරීමට අරගලයේ යෙදෙන පිරිස් සූදානම්ව සිට ඇති බවයි.

ජනාධිපති කාර්යාලයේ මෙන්ම රාජ්‍ය ලේඛන වල ආරක්ෂාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ අනවසරයෙන් රැඳී සිටි පිරිස ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අංශ සඳහන් කරයි.



අද අලුයම ගාලු මුවදොර අරගල භූමියේදී මොකද වුනේ ?




කොළඹ, ගාලු මුවදොර අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ ඒ අවට ප්‍රදේශයෙන් පළවා හැරීමට ආරක්ෂක අංශ අද අලුයම (ජූලි 22) පියවර ගන්නා ලදී.

ඒ අවස්ථාව සජීව ලෙස ආවරණය කරමින් සිටි BBC මාධ්‍යවේදීන් ඇතුළු තවත් මාධ්‍යවේදීන් ගණනාවකටම රජයේ ආරක්ෂක නිලධාරීහු පහර දුන්හ.

එම ස්ථානයේ සිටි BBC දෙමළ සේවයේ ජෙරින් සැමුවෙල්ට පහරදීමෙන් පසු සොල්දාදුවෙක් ඔහුගේ ජංගම දුරකතනය උදුරාගෙන එහි දර්ශන මකා දැමීමට ද කටයුතු කරන ලදී.

මාධ්‍යවේදීන්ට පහරදුන් බව තමන් නොදන්නා අතර ඒ ගැන සොයා බලන්නම් යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා BBC කළ විමසීමකදී පැවසුවේය.

කොළඹ, ගාලු මුවදොර අරගල භුමියේ ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය සිවිල් වැසියන් බොහෝ දෙනෙකුට හමුදා සෙබළුන් විසින් අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කරන දර්ශන සහිත බොහෝ වීඩියෝ පට මේවන විට අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින අතර මෙම සිදුවීම හේතුවෙන් ජාත්‍යන්තර අවධානයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබේ.


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්