leader s

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිරගත කර සිටි තවත් දෙමළ දේශපාලන සිරකරුවකු නිදහස ලබා තිබේ.


දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් අණදෙන නිලධාරි ලෙස සිටි රාම් නැමැත්තා වසර හයක කාලයක් සිරගත මඩකළපුව බන්ධනාගාරයෙන් නිදහස ලබා පිටව ගිය බව නැගෙනහිර මාධ්‍යවේදියෝ වාර්තා කරති.

2009 මැයි 19 වැනිදා ත්‍රිකුණාමලයේදී හමුදා අත් අඩංගුවට ගන්නා ලදුව මහත් මතබේදයට තුඩු දී තිබෙන 'පුනරුත්ථාපන වැඩසටහන' යටතේ කලක් රඳවා ගෙන සිට නිදහස ලබා ඇත.

හමුදා බුද්ධි අංශ නිරීක්ෂණය යටතේ අම්පාර තම්පලවිල් ප්‍රදේශයේ ගොවිතැන් කරමින් සිටි රාම් 2015 දී යහපාලන ආණ්ඩුව යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ චාවකච්චේරි ප්‍රදේශයේ දී සොයාගත් මරාගෙන මැරීමට යොදා ගන්නා ඇඳුම් කට්ටලයකට ඔහුගේ සබැඳියාවක් ඇති බවට වූ සැකයෙනි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ත්‍රස්ත පනත යටතේ නඩු පැවරීමෙන් අනතුරුව වසර හයක් වැලිකඩ හා මඩකළපුව බන්ධනාගාර වල සිරගත කොට සිටි කොටි සංවිධානයේ අම්පාර හිටපු අණදෙන නිලධාරිවරයා ජුලි 20 වැනිදා සිය දඩුවම් කාලය ඉකුත් වීමෙන් අනතුරුව මෙසේ නිදහස ලබා තිබේ. 

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 


 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්