leader s

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය ව්‍යාපෘතියේ (ITJP - International Truth and Justice Project) නීතිඥයන් පිරිසක සිංගප්පූරුවේ

නීතිපතිවරයා වෙත පැමිණිල්ලක් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ කාලයේ ජිනීවා සම්මුතිය උල්ලංඝනය කරමින් යුද අපරාධ සිදු කළා යැයි චෝදනා කරමින් පිටු 63 කින් යුත් පැමිණිල්ල ගොනු කර ඇත.

අදාළ පැමිණිල්ලේ පිටපතක අඩංගු කරුණු උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය මේ බව වාර්තා කර තිබේ.

එමෙන් ම විශ්වීය අධිකරණ බලය මත පදනම්ව, එම චෝදනා සඳහා සිංගප්පූරුවේදී නඩු පැවරීමට හැකියාවක් පවතින බවට දකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංවිධානය තර්ක කර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වන දා අලුයම මාලදිවයින් වෙත පළා ගොස් තිබුණු අතර පසුව ඔහු සිංගප්පූරුව බලා ගොස් තිබිණි.

JDS 2022.07.2



පුවත් මුලාශ්‍රය :
Rights group seeks arrest of former Sri Lanka president Rajapaksa in Singapore


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්