පසුගිය ජූනි මස 09 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වමින් පොදු දේපලවලට හානි කළැයි කියන සිද්ධියට අදාළව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ, ලහිරු

වීරසේකර, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින්, රංගන ලක්මාල්, එරංග ගුණතිලක, සහ ජීවන්ත පීරිස් පියතුමා යන හය දෙනාට එරෙහිව විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද (25) නියෝගයක් නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට කොටුව පොලීසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී රවිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, රත්කරව්වේ ජිනරතන හිමි, රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජොහාන් අප්පුහාමි ඇතුලු නව දෙනකු කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබිණි.


අරගලකරුවන් රුපවාහිනීයට කඩා වැදීම ගැන පරීක්ෂණයක්



අරගලකරුවන් පිරිසක් ජාතික රුපවාහිනී සංස්ථාවට කඩා වැදී මධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලයට තර්ජනය කර බියගන්වා සජීවි රුපවාහිනී වැඩසටහනකට සම්බන්ධවීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කළ බව කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද (25) කරුණු වාර්තා කර ඇත.

රුපවාහිනී සංස්ථාවේ සේවකයකු කරන ලද පැමිණීල්ලකට අදාළව සී සී ටී වී දර්ශන ඔස්සේ මෙම විමර්ශන ආරම්භ කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගෙන ඇති බවත් කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙම සිද්ධියේදී පුද්ගලයන් දෙදෙනකු හදුනාගෙන ඇති අතර තවදුරටත් ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන කරමින් සිටින බවද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

WhatsApp Image 2022 07 25 at 10.08.08 PM

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්