අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් කෙටුම්පත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එහි යෝජිත බොහෝ සංශෝධන වර්තමාන

ජනාධිපතිවරයාගෙන් පසුව ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඇතැම් මාධ්‍ය විසින් වාර්තාකර ඇත.

එම සංශෝධන පළවාහරින ලද ජනතාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබිණි. එය එසේම වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අනතුරුව ක්‍රියාත්මක කළ හැකිවන පරිදි පවතින බවට තෝරතුරු ඇතැයි එම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කර තිබේ.

පසුගිය මැයි මාසයේදී අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුලින් ප්‍රකාශ කර තිබුණ ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වී මාස දෙකක් ප්‍රමාද කිරීමෙන් පසුව දැන් අනුප්‍රාප්තික ජනාධිපති ලෙස තමන්ගේ බලතල සුරක්ෂිත කර ගැනීමෙන් පසුව අදාළ සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිත බව lankatruth.com වාර්තා කර ඇත.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කළ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, 19 වන සංශෝධනය තවදුරටත් ජනතාවට වාසිදායක ලෙස සංශෝධනය කර 22 සංශෝධනය ලෙස ඉදිරිපත් කිරීමට ඊයේ (25) පැවති කැබිනට් මණ්ඩලයේදී යෝජනා වූ බවයි.


එසේම, විධායක ජනාධිපති ධුරයේ බලතල අවම කිරීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ධුර කාලය තුලම ක්‍රියාත්මක කිරීමට අදාල යෝජනා තමා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට හෙට (27) බදාදා ඉදිරිපත් කිරීමට නියමිතය.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු ( ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතින්නේය.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමි වීමෙන් පසු එය ගැසට් පත්‍රයක් මඟින්ද පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරිණ.


සජබේ ගෙනා 21 ට මොකද වුනේ !



21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ ඇතුළත් ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කරනු ලැබීය.

ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දෙමින් කතානායකවරයා සඳහන් කළේ එම වගන්ති සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවය.

මේ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කිරීමේ අරමුණින් විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යවරයා වීමෙන් පසුව කැබිනට් මණ්ඩලයට 22 වන ආණ්ඩුක්‍රම සංශෝධන පණත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබීය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය ජුනි 21 පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙසේ පැවසිය.



''විපක්ෂයේ 21 පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බෑ''



"විපක්ෂයෙන් ඉදිරිපත් කරපු 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළා. ඒ 21 වන සංශෝධනයේ තිබුණා ප්‍රධාන වශයෙන් විෂයයන් 8ක් පිළිබඳව සංශෝධන. විධායක ජනාධිපතිතුමාගේ බලය අතහැරීම හෝ එම බලය අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට මාරු කිරීම කියන කාරණය. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිළිව කියල තියෙනවා. ව්‍යවස්ථාවට අනනුකූල නිසා ඒකට ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතුයි කියලා.

සෑම අවස්ථාවකදීම ජනාධිපතිවරයා විසින් ගනු ලබන සෑම තීන්දුවක්ම අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පමණක් ගතයුතුයි කියන සංශෝධනය. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිළිව කියලා තියෙනවා ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතුයි කියලා. ජනාධිපතිවරයාගේ නියෝජිතයා නැතුව ව්‍යවස්ථාදායක සභාවක් නිර්මාණය කිරීම, එය ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගත යුතුයි කියලා තීන්දු කරලා තියෙනවා."

"ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 70 ව්‍යස්ථාවේ  තියෙන බලය අහෝසි කරන්න කියලා යෝජනා කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය එය ජනමත විචාරණයකින් සම්මත වෙන්නේ නැතුව මේ වගේ සංශෝධනයක් කරන්න බෑ කියලා කියල තියෙනවා.

පළාත් සභා පාලනය සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න කියන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වන්නේ ජනමත විචාරණයකින් සම්මත කරගත යුතුයි කියලා තියෙනවා.

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපතිවරයා සහභාගී නොවිය යුතුයි, අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පමණක් එය කළ යුතුයි කියන ප්‍රතිපාදනය ජනමත විචාරණයකින් සම්මත කිරීමකින් තොරව මෙය නීතියක් බවට පත්කරන්න බෑ කියලා.

ඒක නිසා ගරු කථානායකතුමනි විපක්ෂය ඉදිරිපත් කරපු පනතේ කිසිදු වගන්තියක්. ජනමත විචාරණයකින් තොරව මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්න බැරි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේදී නිගමනයක් දීලා තියෙනවා."

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්