leader s

මිට ඉහත දී දකුණේ කැරලි මර්ධනය කළ ආකාරයටම වත්මන් අරගලයද මර්ධනය කළ යුතු බව පොහොට්ටු පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී  සනත් නිශාන්ත අවධරණය කර සිටියි.


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරය අතහැර, රට ද හැරදමා යාමට සිදු වූයේ, නිසි ලෙස අරගලයට මුහුණ නොදීමේ ප්‍රතිපලයක් ලෙස බව  ඔහු පවසයි.

''බංකොලොත් වෙච්ච පෙරටුගාමී පක්ෂය, 3% කඩා වැටිච්ච ජනතා විමුක්ති පෙරමුණ මේ කණ්ඩායම ගෑස් පෝලිමේ ඉන්න ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාව ඒකරාශි කරගෙන පටන් ගත්ත අරගලය මේ කැරැල්ලට හරියටම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මුහුණ නොදුන්න එකේ ප්‍රතිපලයක් විදිහට එතුමාට සිද්ද වුණා ජනාධිපතිධුරය දාලා රට අතෑරලා යන්න''

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.


ඔහු වැඩි කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රශ්නයට නිසි ලෙස මුහුණ නොදුන්නා යන්න, සිය පෞද්ගලික මතය බවත් 71, 88 සහ 89 මෙන් අරගලය මර්දනය කළ යුතුව තිබූ බවත් ය.  

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද පැවසිය.

''ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නයට හරියට මුහුණ දුන්නේ නෑ කියන එකයි පෞද්ගලික මගේ මතය. මේක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය නෙවෙයි මේක සනත් නිශාන්තගේ මතය. සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය 71 කැරැල්ලට මුහුණ දුන්නා නම්, 1988 1989 ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ප්‍රේමදාස මහත්මයාට ඒ කැරැල්ලට මුහුණ දෙන්න පුළුවන් උනා නම් එදා ත්‍රස්තවාදීන්ව මර්ධනය කරගත්තානං අද මේ ත්‍රස්තවාදීන්ට බුදු ගුණ ගයලා හරියන්නෑ''



''නවගුණවැල කරේ දාගෙන හරියන් නෑ. මේ අයට සලකන්න ඕනේ විදිහක් තියෙනවා ඒ සලකන්න ඕන විදිහට සලකපු නැති එකේ ප්‍රතිපලයක් හැටියට මම හිතන්නේ''


ඔහු ගෝඨාගෝගම අරගල භූමිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළේය.

''අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ගිය වෙලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මගෙත් එක්ක කිව්වා සමහර වෙනම කුටි තියෙනවා ගංජා ගහනකුටි, සමහර කුටි තියනවා අයිස් ගහන කුටි, සමහර කුටි තියෙනවා හෙරොයි ගහන කුටි.  ඔබතමුන්නාන්සේලා දකින්න ඇතිනේ සමාජ ජාලාවල ගියා. පොලිසිය යන්න පොලිසිය යන්න මේක අපේ ගම. දැන් ඒ ගමේ නීතියක් නැද්ද? මේ රටේ ග්‍රාම සේවා වසම් දාහතරදාහස් විසිදෙකක් ලියාපදිංචි අංකයක් තියන තියන ග්‍රාම නිලධාරි වසමේ තියන නීතිය ගෝඨා ගම කියන ගමට නැද්ද?''

(News 1st)

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්