leader s

ජාතික ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන්, ආණ්ඩුවෙන් මෙතෙක් නිල ආරාධනාවක් ලැබී නැතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
''අනෙකුත් විරුද්ධ පක්ෂවලටත් නිල ආරාධනාවක් ඇවිල්ලා නැහැ.'' යයි පැවසු මන්ත්‍රීවරයා,  “සාකච්ඡා පවත්වනවා; ඇමතිවරු පත්වෙනවා” යන කතා රසවත් පුවත් පමණක් බවද කියා සිටියේය.


නමුත්, අද රට පත්වී ඇති ආපදා තත්ත්වය තුළ, රනිල් වික්‍රමසිංහ රජයට රට යථා තත්ත්වයට පත් කිරීමට සාධාරණ කාලයක් ලබාදිය යුතු බවත්, හදිසි දේශපාලන විරෝධතා සිදු නොකළ යුතුය බවත් ඔහු අවධාරණය කළේය.


මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

''ජනාධිපති රනිල් වික්‍රමසිංහ මටත්, අනිකුත් පක්ෂවල නායකයින්ටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන පක්ෂ නායක රැස්වීමේදී, සෘජුවම අදහස් පළකළා. නමුත්, පක්ෂවලට සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් රජයෙන් නිල ආරාධනාවක් ලැබිය යුතුයි.

ඉන් පසුව, අපි අපේ පක්ෂවල් සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කෙරෙනවා. ඒවගේම සමගි ජන සන්ධාන නායකත්ව මණ්ඩලයේත් සාකච්ඡා කෙරෙනවා. මේක තමයි වගකිවයුතු, අවංක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් කළ යුත්තේ. ඒක අපි සිදු කෙරෙනවා. 

අපට ඡන්දය දී තෝරාගත්, අපේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන්, අපි එකමුතුව අපේ තීරණය ගන්නවා.


ඒවගේම, අද රට පත්වී ඇති ආපදා තත්ත්වය තුළ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයට රට යථා තත්ත්වයට පත් කිරීමට සාධාරණ කාලයක් ලබාදිය යුතු බවත්, හදිසි දේශපාලන විරෝධතා සිදු නොකළ යුතුය බවත්, දමිළ ප්‍රගතිශීලී සන්ධානය ස්ථීරව විශ්වාස කරනවා. අපේ ජනතාවගේ ස්ථාවරයත් එයයි. දේශපාලන අවශ්‍යතා මත පමණක් දමිළ ප්‍රගතිශීලී සන්ධානය දේශපාලනය කරන්නේ නැහැ.


අපි ආණ්ඩුවට එකතු වුනත්, නැතත්, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව පත්කර ඇති ඇමැතිවරයා සමඟ අපි, කඳුරට දමිළ ශ්‍රී ලාංකිකයන්ගේ දේශපාලන අභිලාෂයන් ඉදිරිපත් කරනවා. 

මීළඟ ව්‍යවස්ථා සංශෝධනයේදී අපේ ජනතාවගේ අපේක්ෂාවන් එකතු කිරීමට අපි වගකීමෙන් යුතුව උපරිමයෙන් කටයුතු කරනවා.''

 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්