leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.


ජනාධිපතිවරයා මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ නගරාධිපති කේසර සේනානයක විසින් පිළිගෙන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ සමග රතු පළස මතින් දළදා මැදුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන යනු ලැබීය.

එහිදී දියවඩන නිලමේ නිලංග දෑල සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් සිවු දෙනා විසින් ගෞරව පුර්වකව ජනාධිපතිවරයා පිළි ගනු ලැබීය.

මහින්දානන්ද අලුත් ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල සහ දිලුම් අමුණුගම ජනාධිපතිවරයා පිළිගැනීමට ඔවුන්ගේ නියෝජිතයන් සමග පැමිණ සිටියේය.

දළදා සමිඳුන් වැඩ සිටින ඉහළ මාලයේ කුටිය වෙත ගොස් පුෂ්පෝපහාර පැවැත්වූ ජනාධිපතිවරයා, අනතුරුව දළදා මාළිගාවේ විශේෂ අමුත්තන් වෙනුවෙන් සකසා ඇති කුටියට ගොස් ඓතිහාසික සමරු සටහන් පොතෙහි  සමරු සටහනහනක් ද තබනු ලැබිය.

ජනාධිපතිවරයා අද පස්වරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිතය.

කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය විසඳන තුරු කිසිම දේශපාලකයෙක් තමන්ගේ විහාරස්ථාන වෙත වද්දගන්නේ නැති බව අවස්ථා කීපයක දී මල්වතු අස්ගිරි විහාරස්ථාන නිවේදනය කර තිබිණ.

{gallery}RW 2022{/gallery}

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්