හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ'වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත්පත

සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණියහොත් නැවත දේශපාලන නොසන්සුන්තාවයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ  ඉක්මණින් ශ්‍රී ලංකාවට පැමිණේවි යැයි කිසිඳු හෝඩුවාවක් තමන්ට නොමැති බවද සම්මුඛ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

පරිපාලනය පැවරීමේදී මතුවන ගැටළු සහ අනෙකුත් රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ සන්නිවේදනය පවත්වා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අගෝස්තු මස අවසන් වන විට කාර්ය මණ්ඩල ගිවිසුමකට එළඹීමට අවස්ථාව ලැබෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

 

එසේම තමන් ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකුලව පත් වූ බවත් තමන් ජනාධිපති ධුරයට පත්වෙන අවස්ථාවේ අරගලකරුවන් ගොඩනැගිලි අත්පත් කර ගෙන තිබූ බවත් රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

 

ශ්‍රී ලංකා මහ බැංකුවට ඉන්ධන ආනයනය පහසු කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් සොයා ගැනීමට හැකියාව තිබෙන බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

ලබන වසරේ පොහොර, ඉන්ධන සහ ආහාර ආනයනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 3 කට වඩා වැඩි මුදලක් ලබා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

එසේම සැම්බියාව පිළිබඳවද තමන් අවධානයෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.  

(lankadeepa.lk)



කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්