22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එය ඊයේ දිනයේ (අගෝස්තු 02) ගැසට් කිරීමට කටයුතු කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය
විජේදාස රාජපක්ෂ පැවසුවේය.
එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමේදී 21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වීමට සිදුවන අතර ඊට හේතුව මෙන්ම නව ව්‍යවස්ථාවට ඇතුළත් මුලික කරුණු ගැන අධිකරණ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග සහ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගුණාංග මීට ඇතුළත්ය.
විපක්ෂය ඉල්ලා සිටි පරිදි විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීමක් මෙමඟින් යෝජනා නොකෙරේ.
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය මෙතනින්
{gallery}22 - Gazett{/gallery}
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.








