leader s

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 43 සේනාංකය විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.

එසේම, අරගලකරුවන් ඉලක්ක කරගෙන යමින් කෙරෙන්නා වූ අත්අඩංගුවට ගැනීමි ඇතුලු මර්දන ක්‍රියා වහා නවතා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව 43 සේනාංකය ඉදිරිපත් කළ කාරනා ද ජනාධිපතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.

සර්ව පාක්ෂික වැඩ පිළිවෙලක්  සඳහා එක්වන මෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වෙත එවන ලද ලිපියට පිළිතුරක් වශයෙන් එම සංවිධානය විසින් 2022 ජුලි 31 වන දින ජනාධිපතිවරයාට යවන ලද ලිපියට අදාළව සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලයෙන් කරන ලද ආරාධනය අනුව එම සාකච්ඡාව 2022 අගෝස්තු මස  05 වන දින පස්වරුවේ දී ජනාධිපති කාර්යාලයේ දී පවත්වන ලදී.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රජය පාර්ශ්වයෙන් සහභාගී වූ අතර 43 සේනාංකය පාර්ශ්වයෙන් එහි නායක පාඨලී චම්පික රණවක, කරු පරණවිතාන, සුමේධ රත්නායක, අජිත් අමරසිංහ සහ තීක්ෂණ ගම්මන්පිල යන නියෝජිතයෝ සහභාගී වූහ.


කවර වැඩ පිළිවෙලක් අනුගමනය කිරීමට වුව පෙර අරගලකරුවන් ඉලක්ක කරගෙන යමින් කෙරෙන්නා වූ අත්අඩංගුවට ගැනීමි ඇතුලු මර්දන ක්‍රියා වහා නවතා දැමීමේ අවශ්‍යතාව 43 සේනාංකය විසින් එහිදී අවධාරණය කළ අතර, පොදු මහජන සටනක නියැලුන අරගලකරුවන් අතින් කිසියම් නීතිය පිළිවෙල බිඳවැටීමක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ සියලු දෙනාට පොදු සමාවක් දී සංහිඳියාවක් ඇතිකර ගැනීම සුදුසු බව එම සංවිධානය විසින් යෝජනා කරන ලදී.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් සිය මූලික එකඟතාව පළ ක⁣රමින් එවැන්නක් සඳහා කටයුතු කළ හැකි ක්‍රමවේදයක් පිළිබඳ තම අවධානය යොමු කරනා බව ප්‍රකාශ කළ බව  43 සේනාංකය විසින් නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.


ජනාධිපතිවරයාගේ රාජාසන කතාවත් අප සංවිධානය විසින් මෙම අර්බුදය ඇති වූ වකවානුවේ පටන්ම ඉදිරිපත් කරමින් සිටින යෝජනා ද කෙරෙහි අවධාරණය කරමින්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, එම ආණ්ඩුව මෙහෙයවීම සඳහා පක්ෂ හා කණ්ඩායම් වල නායකයන්ගෙන් සැදි ජාතික විධායක සභාවක් පිහිටුවීම, පාර්ලිමේන්තු තුළ සැමටම ආණ්ඩුකරණයට දායක විය හැකි කමිටු ක්‍රමයක් පිහිටු වීම, 22වන සංශෝධනය සම්මත කර ගැනීම, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පොදු අවම වැඩ පිළිවෙලක් ප්‍රකාශයට පත් කර ක්‍රියාත්මක කිරීම යනාදී වශයෙන් අප විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනා සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැක්වූයේ සුබවාදී ප්‍රතිචාරයකි.

අනෙකුත් පක්ෂ සමග ද සාකච්ඡා කර මේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීම අරමුණු කරගත් සියලු පාර්ශ්ව සහභාගී වන තවත් සාකච්ඡාවක් කඩිනමින් සංවිධානය කරන බව ජනාධිපතිවරයා දන්වා සිටියේය.'' 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්