leader s

දිවයිනේ කෘතහස්ත වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් වන ලංකා ගුරු සංගමයේ නායකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා

ගන්නා උත්සාහයට අයහපත් ප්‍රතිචාර ලැබෙමින් තිබේ.

''දකුණේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් කළ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිස නිදහස් කරන තෙක් අපි ජනාධිපතිත් එක්ක කිසිම සාකච්ඡාවකට සහභාගී වෙන්නේ නෑ.''

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  අගෝස්තු 5 වැනි සිකුරාදා ඒ බව කියා සිටියේ අගෝස්තු 3 වැනිදා අත්අඩංගුවට ගෙන 12 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කළ ලංකා ගුරු සංගම් නායක ජෝසෆ් ස්ටාලින් කොන්දේසි විරහිතව වහා නිදහස් කරන ලෙස ඉල්ලා, එම පෙරමුණේ මෙහෙයවීමෙන් දෙමළ ජනයාගේ සහභාගීත්වයෙන් යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතා දැක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


Josa 2022.07.08


ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අගෝස්තු 10 දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවකට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ  දෙමළ ජාතික ජනතා පෙරමුනේ නායකයා එහිදී රජයෙන් දැඩිව ඉල්ලා සිටියේ, ගුරු සංගම් නායක ජෝසෆ් ස්ටාලින් ඇතුළු දකුණේ අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන තෙක් සාකච්ඡා වර්ජනය කරන බවයි.

පොදු ජනතාව විසින් මේ වන විට ප්‍රතික්ෂේප කර සිටින පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් විසින් මහමැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ අයෙක් ජනාධිපති ලෙස පත් කරගෙන සිටින බව පවසන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ එය ජන වරමට එරෙහි වීමක් ලෙසයි.


සඳුදා ඇප



විරෝධතා පැවැත්වීම නිසා අත් අඩංගුවේ ලා සිටින ගුරු නායක ජෝසප් ස්ටාලින්ට දුරකතනයෙන් කතා කළ බව සමගි ජන බලවේග නියෝජිතයන් සමග ආණ්ඩු හැදීමේ සාකච්ඡාවේදී කී ජනාධිපති වරයා වෘත්තීය සමිති නායකයාට සඳුදා ඇප ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේ යයි මනෝ ගනේසන් මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම් දී තිබේ.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්