ආණ්ඩුව විසින් සිදුකෙරෙන මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන
උද්ඝෝෂණ මාලාවක් අද (9) රටපුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ.

"ජාතික විරෝධතාව" යන තේමාව යටතේ සංවිධාන කෙරෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය අනුරාධපුර දඹුල්ල හුංගම, කටුබැද්ද කන්තලේ බලංගොඩ කෑගල්ල පිළියන්දල මහියංගනය කැකිරාව කලවාන පේරාදෙණිය, මාරවිල තිරප්ප්නේ ,මැදවච්චිය සෙවණගල, වැල්ලවාය ,මාතලේ, හොරණ මහරගම  ඇතුළු ප්‍රධාන නගර රැසක පැවැත්වේ.

උද්ඝෝෂණ ව්‍යාපාරයට අමතරව පෙළපාළි හා රැස්වීම්ද සංවිධාන කෙරෙන බව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය පවසයි.

රටේ ආර්ථික ප්‍රශ්න විසඳන ලෙස බල කිරීමද මෙම උද්ඝෝෂණවල තවත් ප්‍රධාන අරමුණකි.

මේ උද්ඝෝෂණ ව්‍යාපාරය සඳහා එක්වන ලෙස දැනුම් දෙමින් සමිති සංවිධාන ගණනාවක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය සතිය පුරා පුළුල් ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරනුද  දැකගත හැකිවිය.

උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පෝස්ටර් ව්‍යාපාරයක්ද රට පුරා ක්‍රියාත්මක කරනු ලැබ ඇත.



ජාතික විරෝධයට අන්තර් සමාගම් සේවක සංගමයත් එක්වේ


රනිල්-රාජපක්‍ෂ ආන්ඩුවේ හදිසි නීතිය හකුලා ගන්නා ලෙසත්, ආර්ථික පීඩනයටත්, දේශපාලන අස්ථාවරත්වයටත්, සමාජ අර්බූදයටත් එරෙහිව සාමකාමීව විරෝධය පෑ සමාජ ක්‍රියාකාරින්, ශිෂ්‍යයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුලූ ජනතාව අත්අඩංගුවට ගනිමින් හා බියවද්දමින් කරනු ලබන මර්දනය වහා නවතන ලෙසත්, අත්අඩංගුවට ගත් සියලූ දෙනා නිදහස් කර ගැනීමටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජනවරමකට ඉඩ සලසා දෙන ලෙසත් බලකරමින් අද (අගෝස්තු 09 දින) රටපුරා ජාතික විරෝධතාවයක් පැවැත්වීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය විසින් තීරණය කර තිබේ.

ඊට සමගාමීව අන්තර් සමාගම් සේවක සංගමයේ මෙහෙයවීමෙන් පහත සඳහන් ස්ථානයන්හි දී විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.



# කළුතර නගරයේදී ප.ව. 3 ට,
# ඇහැලියගොඩ නගරයේදී ප.ව. 2 ට,
# නුවර පාරේ ටයර් හන්දියේදී දහවල් 12 ට,
# නුවර පාර සිද්ධායුර්වේද සමාගම ඉදිරිපිට දහවල් 12 ට,
# මාතලේ නගරයේදී ප.ව. 2.30 ට,
# ඒකල ඔරලෝසු කණුව අසලදී ප.ව. 5 ට,
# හොරණ අපනයන සැකසුම් කලාපය ඉදිරිපිටදී ප.ව. 2 ට,
# මතුගම රැම්කෝ රූෆිං සමාගම ඉදිරිපිටදී ප.ව. 2 ට,
# හොරණ රෝයල් පෝසිලේන් සමාගම ඉදිරිපිටදී ප.ව. 2 ට,
# කටාන හේකාබ් සමාගම ඉදිරිපිටදී දහවල් 12 ට,
# නාර්තුපාන හේලීස් ෆැබ්රිකෝ සමාගම ඉදිරිපිට ප.ව. 5 ට,
# කෝට්ස් ත්‍රෙඩ් අපනයන සමාගම ඉදිරිපිටදී ප.ව. 2 ට,
# හොරණ පිරාමල් ග්ලාස් සමාගම ඉදිරිපිට දහවල් 12 ට,



 මහජන ආඥාවක්  !


ජාතික විරෝධතා දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අද (09) දිනයේ දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර තිබේ.

එහි සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ, මහජනතාවගේ ජන අරගලයට නිසි ගෞරවය දැක්වීමට ජනාධිපතිවරයාට බලකිරීම හා මහජනතාව අපේක්ෂා කරන සමාජ පරිවර්ථනය සඳහා නිසි වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ බවය.

ඊට සමගාමීව, කොළඹ දිස්ත්‍රික්කයේ විරෝධතාවය අද සවස 2.30 කොළඹ විහාරමහදේවී උද්‍යානය ඉදිරිපිට සිට පා ගමනින්, නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කර, ආගමික නායකයින් පෙරටු කර ගනිමින්, සවස 4ට මහජන ආඥාවක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසිය.


අධිකරණය පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි !


 බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ එකතු වී අද (09) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වීමට නියමිත එම විරෝධතාව තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (08) ප්‍රතික්ෂේප කළේ ය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ අවධාරණය කළේ, එම විරෝධතාවලදී යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපොළවලට හානි කිරීමක් සිදු වූවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසියට බලය ඇති බවය.

කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ ය.

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය හේතුවෙන් රටපුරා ආරක්ෂක විධිවිධාන අද (9) දින දැඩි කෙරෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පොලිසියේ නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීහුද කැඳවා ඇත. 
 
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්