leader s

ලොව ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සල්මන් රුෂ්ඩි අමෙරිකාවේ බටහිර නිව්යෝක්හිදී පිහි ඇණුමකට ලක්ව ඇත.

විදෙස් වාර්තා පැවසුවේ නිව්යෝක්හි පැවති උත්සවයකදී ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එම උත්සවයේදී වේදිකාව මත රැදී සිටි සල්මන් රුෂ්ඩිට එම ස්ථානයට එකවර පැමිණි පුද්ගලයකු මෙලෙස පිහි ඇණුම සිදු කර තිබේ.

තුවාල ලැබූ සල්මන් රුෂ්ඩි ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් පෙන්සිල්වේනියාවේ රෝහලකට රැගෙන ගොස් ඇති අතර ප්‍රහාරය සිදු කළ නිව් ජර්සිහි පදිංචි 24 හැවිරිදි සැකකරු නිව්යෝක් ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

පිහිඇනුම හේතුවෙන් රුෂ්ඩි ගේ බෙල්ලට තුවාල සිදුවී ඇති අතර ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැත.

1998 වසරේදී 'ද සාටනික් වර්සස්' (The Satanic Verses) නමැති කෘතිය රචනා කළ ඔහුට ස්ලාමීය සටන් කරුවන්ගෙන් නිතරම ජීවිත තර්ජන එල්ලවීය. ඒ හේතුවෙන් ඔහු සැඟවුණු ජීවිතයක් ගත කළේය. 

Rushde 12

 

                         

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්