leader s

විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කෙරුණු වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ

මන්ත්‍රීවරුන් අතර කඹ ඇදීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ එම කාලය වසර හතර හමාරක් දක්වා දීර්ඝ විය යුතු බවයි.

එහෙත් සමගි ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ පාර්ශ්වය වසර දෙකහමාරකට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් 'ලංකාදීප' කළ විමසීමදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසා ඇත්තේ, එම කාල සීමාව සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් පවතින බවයි.

එය නිරවුල් කර ගැනීමට සාකච්ඡා පවත්වන බවද හෙතෙම සඳහන් කරයි.

පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමේ බලය විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද ඇතුළත් වූවකි.


අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුන අතර එය අගෝස්තු 02දා ගැසට් කෙරින. ඒ අනුව, විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඔහු විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


එම පනත් කෙටුම්පත නුදුරේදීම විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු ලෙසකින් කටයුතු නොකරන බවට අනුප්‍රාප්තික ජනාධිපති තෝරාපත්කර ගැනීම සඳහා ජුලි 20 පාර්ලිමේන්තුව තුළ පැවති ඡන්දයට පෙර රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී තිබිණ.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්