මේ මස අගදී යළි දිවයිනට පැමිණීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නියමිතය.


ඔහුගේ ආරක්ෂාව හා විදෙස් සංචාර සඳහා අවශ්‍ය රාජ්‍යතන්ත්‍රීක භාවය ලබාගැනීම සඳහා එවැනි පියවරක් ගනුලබන බව පැවසේ.

ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පත්කිරීම වෙනුවෙන් වියත්මග සංවිධානය නියෝජනය කරන වෛද්‍ය සීතා අරඹේපොල ජාතික ලැයිස්තුවෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බවද වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රීපාල සිරිසේන ද මේවනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

දැවැන්ත ජනවිරෝධය හමුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයෙන් ජූලි 09 වැනිදා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා අලුයම ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගියේය. ඒ සිය බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු සමඟය .

අනතුරුව ඔහු ජූලි 14 වැනිදා සෞදි අරාබි ගුවන් සේවයට අයත් යානයකින් මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. සිංගප්පුරුවේ මාසකට ආසන්න කාලයක් ඔහු ගත කළේය.

අනතුරුව අගෝස්තු 11 වැනිදා ඔහු සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පිටත්ව ගිය අතර මේවන විට වාසය කරන්නේ තායිලන්තයේයි.


ගෝඨාගේ පැමිණීම ගැන රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ තහවුරු කිරීමක්



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සනාථ කර තිබේ.

CNN ප්‍රවෘත්ති සේවාවට ඔහු පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම්දී ඇති බවය. 

 

ඉකුත් ජූලි 13 වනදා දිවයිනෙන් නික්ම ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව සිංගප්පූරුවේ රැඳී සිටි අතර මේ වනවිට තායිලන්තයට පැමිණ සිටී. ඒ මහතා ලබන සතියේ යළි මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි CNN පුවත් සේවයට තහවුරු කර තිබුණි.

ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි බවත් අමාත්‍ය අලි සබ්රි එම පුවත් සේවයට වැඩිදුරටත් පවසා තිබුණි.



 මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පවසන්නේ, සර්ව පාක්ෂික ආණ්ඩුවක අගමැති ලෙස පත්වන්නේ කව්රුන්දැයි තීරණය කරනු ලබන්නේ තම පක්ෂය විසින් බවයි. එම  ප්‍රකාශය 'අනිද්දා' සති අන්ත ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ලෙස පළකර ඇත.
 

ගෝඨාට එන්න දෙන්න බැසිල් ජනපතිගෙන් ඉල්ලයි



මේ අතර ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවකදී ය.

මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා ඇත්තේ, පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩ නැගීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබා දෙන බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සදහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.

එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ඇතුලු රජයෙන් ඉල්ලා සිටින ප්‍රමුඛතම ඉල්ලීම බව ද බැසිල් රාජපක්ෂ මෙහිදී සදහන් කර තිබේ.

මෙම සාකච්ඡාවට පොදුජන පෙරමුණ වෙනුවෙන් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.

ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සාගල රත්නායක, වජිර අබේවර්ධන, රුවන් විජයවර්ධන හා ශමල් සෙනරත් සහභාගී වී තිබේ.
 
 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්