1200 x 80 DMirror

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රාජ්‍ය පෙරලීමට කුමන්ත්‍රනය කළේදැයි සොයා බැලීමට
 
ආරක්ෂක බලධාරීන් විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව, ජුලි 09 වෙනිදා ජනාධිපතිවරයා පලවා හැරීමේ මෙහෙයුමට ඔහුගේ මැදිහත්වීම මෙන්ම ඔහු විසින් පසුගිය කාලයේ සිදුකල ප්‍රකාශ හා ක්‍රියාකාරකම් පිළිබඳවත් මෙම විමර්ශනයෙදී විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පැවසේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට සැක කෙරේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට (TID) භාරදෙන ලෙස පොලිස්පතිවරයා මිට ඉහතදී උපදෙස් දී තිබිණ.

අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන තිදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීම් කර ඇත.


වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා ගැන විමර්ශන CIDයට..




පැය 72ක රැඳවුම් නියෝග යටතේ සිටින වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID ) වෙත ලබා දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස ද පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පසුගිය 18 වැනිදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර සහ ඊට පසුදින අත්අඩංගුවට ගත් 16 දෙනා අතර සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ගුණතිලක යන අය සඳහා පොලිසිය රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන තිබුණේ, අප්‍රේල් 09 වැනිදා අරගලයට අදාළව සිදුවූ සිද්ධි පිළිබඳ විමර්ශනය කිරීම සඳහාය.

ඒ අනුව පෑලියගොඩ පොලිසියේ රඳවා ප්‍රශ්න කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා ඊයේ පෙරවරු 8ට පොලිසියෙන් පිටතට රැගෙන ගොස් තිබේ.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කනස්සලෙන්



Mary Lawlor
මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසන්නේ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්වාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවයි.

එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් (Mary Lawlor UN Special Rapporteur HRDs) සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබේ.

ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා අත්සන් නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින අතර එසේ කිරීම ශ්‍රී ලංකාවේ අඳුරු දිනයක් වනු ඇති බව ඇය සිය ට්ව්ටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Screenshot 2022 08 22 at 9.36.47 AM
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය